ආහාර හිඟයකට මුහුණ දී සිටින ශ්‍රි ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 74ක් වටිනා සහල් තොග නැව් හයක් එවීමට කටයුතු කර ඇති බවත් මෙම වී තොග අතරින් පළමු නැව්ගත කිරීම් දෙක ලබන ජූනි මස 25 වැනිදා සහ 30 වැනිදා ශ්‍රි ලංකාවට සේන්දු වනු ඇති බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි.
ට්විටර් පනිවිඩයක් මඟින් චින තානපති කාර්යාලය පවසන්නේ ශ්‍රි ලංකාවේ ආහාර අර්බුදය ට විසඳුමක් ලෙස චීනය යුවාන් මිලියන 500ක් එනම් ඩොලර් මිලියන 74ක් වටිනා සහල් එවීමට කටයුතු කරන බවයි. මෙම සහල්වලින් ටොන් දස දහසක් ශ්‍රි ලංකාවේ පාසල් දරුවන් සඳහා අවශ්‍ය ආහාර වේල් ලබා දීම සඳහා වෙන් කර ඇති බවද චීන තානාපති කාර්යාලය පවසයි.
ශ්‍රි ලංකාවේ ප්‍රධානතම වී වගා කන්නය වන යල කන්නයේ මෙවර අස්වැන්න සියයට 40කින් පමණ අඩුවනු ඇති බවට මේ වනවිට පුරෝකථනය කර ඇත.