අද ගොඩ බෑම ආරම්භ කළ ගෑස් තොගයෙන් ගෑස් සැපයීමේදී තොග ගැනුම්කරුවන්ට ප්‍රමුඛත්වය හිමි වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ අනුව රෝහල්, හෝටල් සහ ආදාහනාගාර සඳහා ලබා දීමට පියවර ගැනෙනු ඇති බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.
ගෑස් මෙට්‍රික් ටොන් 3500ක රැගත් නෞකාවක් ශ්‍රි ලංකාවට පැමිණ අති අතර එහි ගොඩ බෑම් දින හයක් ප්‍රමාද වූ අතර ඊට හේතු වූයේ මෙම නැවට ගෙවීමට අදාල ඩොලර් මිලියන 2.5ක් සොයා ගැනීමේ පැවති දුෂ්කරතාවයි. අදාළ මුදල් ගෙවීමෙන් පසුව අද ගෑස් ගොඩ බෑම් ආරම්භ කෙරුණි. කෙසේ වුවද මෙම ගෑස් ඉහත ප්‍රමුඛතාවට අනුව නිකුත් කිරීමෙන් පසුව ගෘහස්ත අවශ්‍යතා සඳහා සලකා බැලෙනු ඇතිබවව ලිට්රෝ සමාගමේ ආරංචි මාර්ග සඳහන් කරයි.