කීර්ති ප්‍රනාන්දු –
පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම සඳහා නව පාසල් බස් රථ සේවාවක් හෙට ( 15) සිට ආරම්භ කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන තිබේ.
මේ යටතේ කොළඹ ,ගම්පහ, කළුතර, දිස්ත්‍රික්කවල පිහිටි පාසල්වල ඉගෙනුම ලබන සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් බස් රථ සේවා ක්‍රියාත්මක කෙරෙන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් පෙරේරා පැවසීය.
ඒ ඒ දිස්ත්‍රික්කවල පිහිටි විද්‍යාල කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන මෙම පාසල් බස් රථ සේවා කැස්බෑව පිටකොටුව , මොරටුව පිටකොටුව , තොටලග නාරාහේන්පිට , බදුරලිය මතුගම හරහා හොරණ , හොරණ කලුතර හරහා අලුත්ගම , හෝමාගම දෙල්කඳ හරහා නාරාහේන්පිට , හෝමාගම හයිලෙවල් පාර ඔස්සේ මරදාන , කොට්ටාව මහරගම හරහා පිටිපන , සහ රද්දොලුව සිට කොළඹ යන මාර්ගවල ධාවනය කෙරේ .
සාමාන්‍ය බස් රථ ගාස්තු යටතේ ක්‍රියාත්මක මෙම නව පාසල් බස් රථ සේවා සඳහා පෞද්ගලික බස් රථ යොදවා ඇති බවත් සාමාන්‍ය අධිකාරී ජගත් පෙරේරා කීය .
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව ගේ අධීක්ෂණය යටතේ මෙම නව පාසල් බස් රථ සේවා ක්‍රියාත්මක කෙරේ .