අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාලමේ හැප්පුන ඩාලි නැව විස ටොන් 754ක් කොළඹට ගේන්න හදලා තියෙන්නේ අන්තර්ජාතික සම්මුතිත් කුඩු කරලා…

විෂ අපද්‍රව්‍ය සහිත නෞකාව කොළඹට එන්න හදලා තියෙන්නේ බාසල් සම්මුතිය අනුව අපේ පරිසර අමාත්‍යාංශයට දැනුම් දෙන්නේ නැතිව...

by editor
අප්‍රේල් 2, 2024
in පුවත්
ship
Share on FacebookShare on Twitter

බැල්ටිමෝර් වරායේ සිට කොළඹ වරයා දක්වා අන්තරායකර අපද්‍රව්‍ය ටොන් 754ක් රැගෙන එමින් සිටිය දී බැල්ටිමෝර් හි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටුණ ඩාලි නෞකාව බාසල් සම්මුතියට අනුව අනිවාර්යයෙන් කළ යුතු පරිදි   තමන් ලංකාවට රැගෙන එන අන්තරායකර ද්‍රව්‍ය පිළිබඳ  කිසිවක් මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දි නැතැයි  පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර අද පාර්ලිමේන්තුවේ දී හෙළි කළේය.

ඒ සම්බන්ධව මේ වනවිටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව කී රාජ්‍ය ඇමතිවරයා  මේ සිදුකර ඇත්තේ අන්තර්ජාතික සමුද්‍ර නීතිය උල්ලංඝණය කිරීමක් බව පෙන්වා දුන්නේ නැව පාලමේ හැපුනේ නැතිනම් මේ අපද්‍රව්‍ය ලංකාවට එන බව කිසිවෙක් නොදන්නා බව කියමිනි.

රාජ්‍ය ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද ඩාලි නෞකාවේ ගෙනා අපද්‍රව්‍ය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

චරිත හේරත් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇමරිකානු අභ්‍යන්තර ආරක්ෂක කටයුතු පිළිබඳ අධිකාරියේ නිවේදනයක්  මත පදනම්ව මෙම ප්‍රශ්නය පාර්ලිමේන්තුවට යොමු කළේය.

ඩාලි නෞකාවේ  බහාලුම් 4644ක්  පැවති බවත් ඉන් බහාලුම්වලින්  බහාලුම් 56ක අන්තරායකර අපද්‍රව්‍ය ටොන් 754ක් රැගෙන එමින් පවතින බවත් ඔවුහු පාර්ලිමේන්තුවට හෙළි කළහ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මහාචාර්ය චරිත හේරත් –  

මේක  රට හමුවේ සාකච්ඡා කළ යුතුයි ප්‍රශ්නයක්.

මේ විදිහේ ප්‍රශ්නයක් වෙලා අප විශාල අනතුරකට මින් පෙර ලක්වුනා. මේ  නෞකාව  . මේක අයිති  මරස්ක් කියන ලෝකයේ ප්‍රධානම නාවික සමාගමකට ය. මේ නෞකාව    ඇමරිකාවෙ මේරිලන්ඩ්වල  බොල්ටිමෝ වරායෙන් නැව්ගත වෙලා තියෙන්නෙ.

මේ නැවේ කන්ටේන්ර් 4644ක් තියනවා.  ඒ කන්ට්නර් කොටසක  අපද්‍රව්‍ය ටොන්  754ක් තියන බව    ඇමරිකානු ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය ( American National Transportation Safety Board ) එක දැනුම් දීලා තියනවා.

මේ රට බාසල් සම්මුතියට අත්සන් කරලා තියෙන්නෙ. අපි 1992 මීට අත්සන් කළා. ඇම්ස්ටඩ්‍රෑම් සම්මුතියටත් අප අත්සන් කරලා තියනවා.  මේ දෙකෙන්ම මේ වැනි අපචාරී ක්‍රියා වැලැක්වීමට අවශ්‍ය ජාත්‍යාන්තර නෛතික රැකවරණය ලැබෙනවා.

බාසල් සම්මුතිය අනුව මේ වගේ උපද්‍රවකාරි අපද්‍රව්‍ය රැගත් නැවක් අපේ වරායක් හරහා යනවා නම් මුලින්ම දැනුම් දී අවසර  ලබා ගත යුතු බවට කොන්දේසියක් තියනවා. මේ ගැන මධ්‍යම පරිසර අධිකාරියෙන් විමසුවාම එහෙම එකක් ඇවිත් නෑ,

මේ නැව තව දවස් 15කින් විතර ලංකාවට එන්න නියමිතව තියනවා. අප්‍රේල් 13 සහ 17 අතර කාලයේ දී නෞකාව එයි…

තව කාරණාවක් තියනවා. මේ නෞකාවේ ඉන්ධන ගැලුම් මිලියන 1.8ක් තියනවා. නැවේ ගැටී  අනතුරට ලක්වීමෙන් පසු ඇති වූ තත්ත්ව තුළ  මේ නෞකාව යම් ආපදාවකට  භාජනය වීමේ ඉඩක් තියනවා කියලා  ඇමරිකාවේ දේශීය ආරක්ෂක අංශය දැනට කියලා තියනවා.

මේ නැවේ එජ්නත්වරයා ලෙස ලංකාවෙ ඉන්නේ ඉතා විශාල කම්පැණියක්. ඒ වගේම  මේ නැව එන්න තියෙන්නේ සව්ත් ඒෂියා ගේට්වේ ටර්මිනල් එකට. ඒ නිසා මේ සම්බන්ධව ප්‍රශ්නයක් ඇතිවෙන්න පෙර අපි කටයුතු කරමු  කියන යෝජනාව කරනවා. ඒ සඳහා ක්‍රියාකල හැකි උපකරන ලෙස  අපට බාසල් සම්මුතිය තියනවා. රොටඩ්‍රෑම් සම්මුතිය තියනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස –

මේ සම්බන්ධව මූලික මැදිහත් වීමක් කරමු. මිට පෙර එවැනි නෞකා දෙකක් විශාල හානියක් අපට සිදුකළා.  අපද්‍රව්‍ය ටොන් 764ක් අරගෙන ඩාලි නෞකාව එන්නේ. බහාලුම් 56ක තියෙන්නේ  පුපුරණ ද්‍රව්‍ය, ලිතියන් අයන් බැටරි. විඛාදන ද්‍රව්‍ය. ගිනිගන්නා ද්‍රව්‍ය විවිධ අන්තරායකර ද්‍රව්‍ය සහ 09වන ඛණ්ඩායේ අන්තරායකර ද්‍රව්‍ය.

අනෙක් බහලුම් 4644 තුල තිබුණ දේ ගැන තවම දන්නේ නෑ. බැල්ටිමොර්වලට පෙර ලොව විශාලම නෞකා කඳවුරක් වන නිව්යෝක් වර්ජිනියා වරයාට ඇවිත් තමයි ඊලඟ ගමනාන්තය ලෙස නෞකාව කොළඹ එන්නේ.

බාසල් සම්මුතිය අනුව අන්තරායකර ද්‍රව්‍ය රැගෙන එන නෞකාවක්  අවස්ථා 4ක දි   අදාල ගමනාන්ත දැනුම්වත් කළ යුතුයි.  ආනයන අවස්ථාවෙදී,  අපනයන අවස්ථාවේ දී,  වරායේ නතරකර ආපසු ගමන් කරන අවස්ථාවේ දී එක නෞකාවකින් තවත් නෞකාවකට මාරු කරන අවස්ථාවේ යන අවස්ථා හතරේ දීම වරාය අයත් රටේ  පරිසර අධිකාරිවලින් අවසර ලබා ගත යුතුයි. නමුත් අපේ රටට එන අපද්‍රව්‍ය සම්බන්ධව කිසිම අවරසයක් මධ්‍යම පරිසර අධිකාරියෙන් අරගෙන නෑ. අපේ රටේ කවුරුත් නොදැන මෙහෙම භාණ්ඩ අපේ රටට එවනවා නම් එය බරපතල ප්‍රශ්නයක්. මේක නරක කතාවක්. මා එය හඳුන්වන්නේ සාහසික අපරාධයක් ලෙස.  නැව හැප්පුන නිසා තමයි අපි දැනගත්තේ ලංකාවට එන නැවක්, ඒ නැවේ මේ තරම් විෂ අපද්‍රව්‍ය තියනවා කියලා. මම යෝජනා කරනවා මේ භයනාක තත්ත්වය සම්බන්ධව  විමර්ශනයක් කරන්න කියලා.

වර්ෂ 2013 ගෙනාපු නීතියක් තියනවා කමර්ෂල් හබ් රෙගියුලේෂන් කියලා.  මේ කමර්ෂල් හබ් රෙගියුලේෂන් එක හරහා සමහර නීති  බලපවත්වන්නේ නැති ආකාරයට අපේ රටට භාණ්ඩ හා ද්‍රව්‍ය එනවා.  මේ හිඩස උපයෝගී කරගෙන තමයි මීට කාලයකට පෙර එක්සත් රාජධානියෙන් කන්ටේනර් 263ක් ඇවිත් ඒක රට ඇතුළටත් ගියෙ. බොහොම අමාරුවෙන් තමයි ආපහු පටවලා යැව්වේ.

මේ ගැනත් සැලකිලිමත් වෙන්න. වරාය පර්යන්තය දැනුම්වත් කරන්න. පරීක්ෂණයක් කරන්න…

පරිසර රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර –

මේ වනවිටත් මධ්‍යම පරිසර අධිකාරියෙන් පරික්ෂණයක් පවත්වනවා. මධ්‍යම පරිසර අධිකාරියට   මේ නෞකාවෙන් අපද්‍රව්‍ය පැමිණීම ගැන දැනුම් දීලා නෑ. මේ වනවිට අප රේගුවටත් වරායටත් දන්වලා තියනවා මේ ගැන වහාම පරික්ෂණයක් පවත්වන්න කියලා. ඔව්… ඇත්ත ඔබතුමාල කිව්වේ… නැව හැප්පුන නිසා තමයි මේ නැව අන්තරායකර අපද්‍රව්‍ය රැගෙන එන බව අපට  දැනගන්න ලැබුනේ.

.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්…

Next Post

 දිඹුලාගලින් හමුවන ලංකාවේ ලොකුම සෙල්ලිපිය ලෝකයේ නවීන තාක්ෂණය යොදාගෙන නැවත කියවීම අරඹයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.