සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 දිඹුලාගලින් හමුවන ලංකාවේ ලොකුම සෙල්ලිපිය ලෝකයේ නවීන තාක්ෂණය යොදාගෙන නැවත කියවීම අරඹයි!

by editor
අප්‍රේල් 2, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට නව තාක්ෂණය යොදා ගනිමින්  ඓතිහාසික දිඹුලාගල කඳු මුදුනෙන් සොයාගත් ශ්‍රී ලංකාවේ විශාලතම දුර්ලභ ගණයේ සෙල්ලිපියේ මැකී ගිය අක්ෂර මතු කරගැනීම සඳහා වූ විශේෂ ව්‍යාපෘතියක් අද (02)   පෙරවරුවේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අර්ජුන රන්තිලගේ  ඇතුළු පුරාවිද්‍යා නිලධාරින් පිරිසකගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ආරම්භ වූයේය.

මීට පෙර  සාමාන්‍ය ආකාරයෙන් කඩදාසි භාවිතා කරමින් මෙම සෙල්ලිපියේ ස්පර්ශ ලාංඡන පිටපත් කර ගත් බවත්, එයින් කියවීමට හැකි වූයේ සියයට හතළිහක පමණ අක්ෂර ප්‍රමාණයක් බවත් පුරාවිද්‍යා නිලධාරීහු කීහ.

ශ්‍රී ලංකාවේ පළමුවරට ලෝකයේ නවීන තාක්ෂණය භාවිතා කරමින් දිඹුලාගල සෙල්ලිපිය නැවත පිටපත් කරන බවත්, ඒ සඳහා ක්‍රමවේද තුනක් අනුගමනය කරමින් දින තුනක් මෙම ස්ථානයේ රැඳී සිටිමින් අදාළ අක්ෂර පිටපත් කර   සෙල්ලිපිය පිළිබඳ තවදුරටත් අධ්‍යයනය සිදුකරන බවත්    පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අර්ජුන රන්තිලගේ   සඳහන් කළේය.

දිඹුලාගල සෙල්ලිපිය නූතන තාක්ෂණය ඔස්සේ ඡායාරූප කරන බවත්, ඒ සඳහා ඉන්දියා ඡායාරූප තාක්ෂණික ක්‍රමවේදය සහ ඩ්‍රෝන කැමරා තාක්ෂණ ක්‍රමවේදය  භාවිතා කරන බවත්    පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ නිලධාරීහු සඳහන් කළහ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

2023 ඔක්තෝබර් 26 වෙනිදා පුරාවිද්‍යා නිලධාරීන් විසින් මෙම සෙල්ලිපිය සොයාගැනීමෙන් අනතුරුව   මාසයකට අධික කාලයක් පුරාවිද්‍යා නිලධාරීන් එහි රැඳී සිටිමින් සෙල්ලිපියේ අක්‍ෂර පිටපත් කරගනු ලැබූහ.

පූර්ව බ්‍රාහ්මීය අක්‍ෂරවලින් කොටා ඇති මෙම සෙල්ලිපියෙන් ශ්‍රී ලංකාවේ සහ දිඹුලාගල ඉතිහාසය වෙනස්වනු ඇති බවට පුරාවිද්‍යා ගවේෂණ නිලධාරීහු  මත පල කළහ.   මෙම සෙල්ලිපිය පිළිබඳ අධ්‍යනය කිරීමෙන් පසු  බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු  අමාත්‍ය විදුර වික්‍රමනායක   විසින් විද්වත් කමිටුවක් පත්කළ අතර එම කමිටුව මීට මාසයකට පමණ ඉහතදී කරුණු දහයක් ඔස්සේ එම සෙල්ලිපියේ අන්තර්ගතය පිළිබඳව ‍ප්‍රකාශ කිරීමට මාධ්‍ය සාකච්ඡාවක්ද පවත්වා තිබුණි.

දිගින් අඩි 50 කින් සහ උසින් අඩි 9 කින් යුත් මෙම අති දැවැන්ත  සෙල්ලිපිය,පිළිබඳ පසුගිය කාලය පුරා විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාම දැඩි කතාබහක් ඇති කළේය.   සෙල්ලිපියේ අර්ථකථනය මෙතෙක් හෙළිදරව් නොවන බවටද විවිධ පාර්ශ්ව චෝදනා කළහ.

දිඹුලාගල  සෙල්ලිපිය  ලොව නවීන තාක්ෂණය ඔස්සේ දෙවැනිවර  කියවීම සඳහා පුරාවිද්‍යා  දෙපාර්තමේන්තුවේ අභිලේඛන හා නාණක විද්‍යාඥ කන්තලේ සුමිත්ත හිමියන්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන හා නාණක විද්‍යා අංශයේ සහකාර අධ්‍යක්ෂ බුද්ධි නාගොඩවිතාන  ඇතුළු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දහයකට අධික නිලධාරී කණ්ඩායමක් සහභාගි වී සිටියහ.

මෙම අවස්ථාවට වැඩම කරමින් ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළේ මෙම සෙල්ලිපියක් සම්පූර්ණයෙන්ම පිටපත් කරමින් එහි සැබෑ අන්තර්ගතය රටට හෙළිදරව් කරන ලෙසත්, ඉන් අනතුරුව දෙස් විදෙස් සංචාරකයන්ට නැරඹීමට අවකාශය ලැබෙන පරිදි එම ස්ථානයට ළඟාවීමට මාර්ගයක්, සෙල්ලිපියේ ආරක්ෂාවට      ආවරණයක් සැකසීමත් අදාළ බලධාරීන්ගේ වගකීමක් හා යුතුකමක් බවයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාලමේ හැප්පුන ඩාලි නැව විස ටොන් 754ක් කොළඹට ගේන්න හදලා තියෙන්නේ අන්තර්ජාතික සම්මුතිත් කුඩු කරලා…

Next Post

උත්සව සමයේ දි කුකුළු මස් මිල අඩුවන බව සත්ත්ව නිශ්පාදකයෝ සහතික කර කියති!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.