සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර අයිනේ කඩයක් කඩාගෙන ගොස් මිනී මරා තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල කළ බලපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ඇප මත නිදහස්!  

by editor
පෙබරවාරි 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –   

තමා විසින් පදවන ලද මෝටර් රථය පාරෙන් ඉවතට පැන සිදු වූ අනතුරින් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙක් බරපතල හා සුළු තුවාල ලැබීම සම්බන්ධයෙන් ඇල්පිටිය පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත්වරයා මුදල් රුපියල් පනස් දහසක් (50,000/-) හා රුපියල් ලක්ෂ දෙක (2,00000/-) බැගින් ශරීර ඇප 02 ක් මත මුදා හැරීමට ඇල්පිටිය මාහේස්ත්‍රාත් මධුෂිකා වාසලමුදලි   ඊයේ (17) නියෝග කළාය.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් මී ලඟ   නඩු දිනයේදී ඉදිරිපත් කරන ලෙසද මීට අදාල නඩුව 2024 මැයි 20 දින නැවත කැඳවන බවද මාහේස්ත්‍රාත්වරිය ඇල්පිටිය පොලීසියට දැනුම් දුන්නාය.

මෙසේ ඇපමත මුදාහරින ලද්දේ නො. 13/3, වික්‍රමසූරිය පාර, අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචි නීතීඥ හා බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ජනක රුවන්පුර නැමැති අයයි.

පසුගිය පෙබරවාරි 16 දින ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වු නඩුවකට පෙනී සිටීම සදහා නීතීඥ ජනක රුවන්පුර   පැමිණෙමින් සිටියදී කරන්දෙණිය, 07 කණුව ප්‍රදේශයේදී එදින දහවල් 12.20 ට පමණ මෙම අනතුර සිදුව තිබේ. 

තමා පදවමින් සිටි වැගන් ආර් වර්ගයේ නිල්පාට මෝටර් රථය පාරෙන් ඉවතට පැන දකුණු පැත්තේ කුඩා තේ කඩයකට කඩා වැදීමෙන් සිදු වූ අනතුරින් එම වෙළෙඳසැළේ හිමිකාරියගේ දියණිය මියගියාය. වෙළෙඳ සැලේ හිමිකාරිය බරපතල තුවාල ලබා ගාල්ල, කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි. 

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

වෙළෙද සැලට පැමිණි අයෙකු සුළු තුවාල ඇල්පිටිය රෝහලින් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ. ඔහු පැමිණි පා පැදිය මෝටර් රථය හා විදුලි කණුවට හිර වී මෝටර් රථය නතර වී තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ නො. 107, 07 කණුව, කරන්දෙණිය ලිපිනයේ පදිංචි තිදරු මවක් වන පුංචිහේවා මල්කාන්ති (54) නැමැති අයයි. ඇය ප්‍රතිකාර සදහා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. 

තුවාල ලබා ගාල්ල, කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන්නේ මියගිය අයගේ මව වන පුංචිහකුරු ඤාණවතී (72) නැමැති අයයි. ඇය ඇල්පිටිය මූලික රෝහලෙන් වැඩිදුර ප්‍රතිකාර සදහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ. ඤාණවතී  මාතාවගේ කකුල් දෙකටම බරපතල හානි සිදුව තිබෙන බව කරාපිටිය රෝහලට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි. 

කිරිපේද්ද, කරන්දෙණිය පදිංචි එම් එච් ඩී ආරියසේන (65) නැමැති අය සුළු තුවාල ලබා ඇත. තමා කිරිපේද්ද ප්‍රදේශයට පා පැදියෙන් යමින් සිටියදී තේ බීම සදහා වෙළෙද සැලට පැමිණි බවත් එකවරම පැමිණි නිල්පැහැති මෝටර් රථයක් තමාගේ පා පැදියද යටකරමින් වෙළෙද සැලට කඩා වැදුන බවත් ආරියසේන   පොලීසියට ප්‍රකාශ කර තිබේ.

අනතුරින් පසුව ඇල්පිටිය පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ජනක රුවන්පුර, ඇල්පිටිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට පසුදින (17) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඊයේ (17) නඩුව නැවත කැඳවූ අවස්ථාවේදී ඇපමත මුදාහැර තිබේ. 

ජනක රුවන්පුර විසින් මියගිය අයට රුපියල් ලක්ෂ 10 ක් හා බරපතල තුවාල ලැබූ අයට රුපියල් ලක්ෂ 05 ක් ඊයේ (17) ඇල්පිටිය මාහේස්ත්‍රාත් අධිකරණයේදී ලබාදී ඇති අතර දෙපාර්ශවයම වෙනුවෙන් පෙනීසිටි නීතීඥයින් සැකකාර නීතීඥවරයාට ඇපලබා දීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බව ප්‍රකාශ කර තිබේ. 

ඒ නිසාම ඇල්පිටිය පොලීසිය සැකකාර නීතීඥයා තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ඉල්ලා සිටියත් එම ඉල්ලීම තවතලා සැකකාර නීතීඥවරයාට ඇල්පිටිය මාහේස්ත්‍රාත්වරිය විසින් ඇප ලබා දී තිබේ.

අධික වෙහෙස නිසා නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙන බව මෙතෙක් කරන ලද පරීක්ෂණ වලදී තහවුරු වූයේ ඇල්පිටිය පොලීසිය කියයි.

එකම දිනයේ අධිකරණ කිහිපයක නඩු වලට පෙනී සිටීම වෙහෙසකර බැවින් සිය වයස අනුව එසේ නොකල යුතුව තිබූ බවත් එසේ කරන්නේ නම් රියදුරෙකු සේවයට යොදවා ගැනීම කළ යුතුව තිබූ බවත් නම හෙළි කිරීමට අකමැති වූ පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේය. 

මෙම තත්ත්වය උගත් බුද්ධිමත් අයෙකු ලෙස ජනක රුවන්පුර අවබෝධ කර ගත්තේ නම් අකාලයේ ජීවිත අහිමි නොවන බවද ඒ එම නිලධාරියා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

ඇල්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බන්ධුල පද්ම කුමාරගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් වරුන් වන ප්‍රේමතිලක (58472) සහ විතානාච්චි (48990) පරීක්ෂණ පවත්වමින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලිංගික අතවර හොයන්න කොටට ඇඳන් බස් එකට නැග්ග පොලිස් නිලධාරිනියට ලිංගික අතරවර කරන්න ගිහින්… ආරක්ෂක නිලධාරියෙක් අත් අඩංගුවට….

Next Post

අප්පච්චි කළ හරිය… හම්බන්තොට පාසල් දරුවන්ගෙන් තුනෙන් එකක් වයසට සරිලන බර නැති කෘෂ දරුවන්… රටේ පාසල් දරුවන්ගෙන් පහෙන් එකකට වඩා කෘෂයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.