සපුගස්කන්ද තෙල් පිරිපහදුව සුරැකීමේ එකමුතුව බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ කළ උද්ඝෝෂණය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළේය. පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගය අවහිර කරමින් මෙම උද්ඝෝෂණය සිදුකර තිබිණි.
සපුගස් කන්ද තෙල් පිරිපහදුව අඛණ්ඩව පවත්වාගෙන යෑමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස උද්ඝෝෂකයෝ රජයට බල කර සිටියහ.. .







