භාෂිකා හීන්දෙණිය –
පාර්ලිමේන්තු ගෘහ පාලන සේවිකාවන්ට සිදුවී ඇතැයි කියන ලිංගික හිංසන සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසින් සිදුකරන මූලික විමර්ශනවලට අමතරව තවත් විමර්ශනයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ද සිදුකරන බව එම සංසදයේ සභාපතිනී පාර්ලිමේන්තු මන්ත්‍රී, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.
මෙවැනි සිදුවීම්වලට තරාතිරම නොබලා දැඩිව පියවර ගත යතුබව කියන ඇය ලබන පාර්ලිමේන්තු සතියේ දී මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට සංසදය රැස්වන බවද කියයි.
අදාල හිංසනයට පාත්‍ර වූ සේවිකාවන් සමග සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවත්, පාර්ලිමේන්තුව තුළ සිදුවූ මෙම නින්දා සහගත ක්‍රියාවලිය සම්බන්ධව දැඩිව මැදිහත්වන ලෙස හා මීට සම්බන්ධ පිරිස්වලට දැඩි දඬුවම් දෙන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කරයි.