ශ්‍රියානි විජේසිංහ –
රටට විදේශ විනියමය උපයා දීමට වඩා ප්‍රමුඛතාව දිව යුත්තේ මිනිස් ජීවිතයක් බේරාගැනීමට බැවින් විදේශගතවීමට පෙර දෙවරක් සිතන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
ඇතැම් පුද්ගලයින්, විශේෂඥ වෛද්‍යවරුන් විදේශගත විම රටට විදේශ විනිමය ලබා ගත හැකි බව පවසා ඔවුන්ව තව තවත් දිරිගැන්විය යුතු බවට ප්‍රකාශ නිකුත් කළද රටට විශේෂඥ වෛද්‍යවරුන්ගේ උග්‍ර හිඟයක් පවතින මොහොතකදී මෙවැනි ප්‍රකාශ නොකළ යුතු බවද හෙතෙම අවධාරණය කරයි.
අපට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සැලකිය යුතු පිරිසක් සිටි බැවින් බොහෝ මූලික රෝහල්වලටද ඔවුන්ගේ සේවාව ලබා දීමට කටයුතු කළ බවත් මේ වන විට සැලකිය යුතු ලෙස වෛද්‍යවරුන් රට හැරයාමට පටන් ගෙන ඇති බැවින් රෝගී ජනතාවට විශේෂඥ වෛද්‍ය සේවාවන් ලබා ගැනීමට අසීරුතාවන් මතුව ඇති බවත් වෛද්‍ය විජේසූරිය මහතා පෙන්වාදේ.
රටහැර යන විශේෂඥ වෛද්‍යරුන් මෙරට රඳවා ගැනීමට හා විශ්‍රාම ගිය වෛද්‍යවරුන් නැවත සේවයට බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරනුයේ දේශපාලන වාසි ලබාගැනීමට හෝ පෞද්ගලික පටු අරමුණු ඉටුකර ගැනීමට හෝ නොව රටේ රෝගී ජනතාවට යහපත් සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ අරමුණින් යැයිද හෙතෙම අවධාරණය කරයි.