විසුරුවා දමා ඇති පළාත් පාලන ආයතන නැවත ස්ථාපනය කිරීමට ගන්නා නීති විරෝධී උත්සාහය කපුටාගේ ඉල්ලීම මත කපුටු අවතාර දියත් කර ඇති කපුටු ව්‍යාපෘතියක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (05) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
මෙම යෝජනාව පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ විසින් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.
කපුටු අවතාර පාර්ලිමේන්තුවට ගෙන එන මෙම ප්‍රජාතන්ත්‍ර විරොධී යෝජනාවලට එරෙහිව සමගි ජන බලවේගය අධිකරණයට යන බව විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් පැවසුවේය.
“ කපුටාගේ ඉල්ලීම මත යෝජනාවක් දාලා තියනවා විසිරිච්ච පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු ආපහු ගෙන්වන්න කියලා.”
“මේක කපුටගෙ යෝජනාවක් මේ යෝජනාව කරන්නේ කපුටගේ ඒජන්තවරයා. අරගයලක් මේ රටේ දියත් වුනේ කපුටව එලවන්න. දැන් කපුටගේ අවතාරය කියනවා කල් ඉකුත් වූ මන්ත්‍රීවරු ආපහු කැඳවන්න කියලා. “
මේ මන්ත්‍රීවරුන්ගේ ධූර කාලය අවසන් වෙලා තියන මොහතෙක මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්ත පාර්ලිමේන්තුවට ගේනවා සම්මත කරගන්න. මේකට විරුද්ධව අපි අධිකරණයට යනවා. කපුටා දැන් ඉවරයි. කපුටන්ගේ අවතාර තමයි නැවත වරක් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කෙළෙසන්න කටයුතු කරන්නේ. “ විපක්ෂ නායකවරයා පැවසුවේය.
මෙහිදී ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා නැගී සිට කතා කළේය.
“ 2020 දි පාර්ලිමේන්තුව විසුරුවා තිබුණා. පාර්ලිමේන්තු මැතිවරණය කල් දැම්මා කොවිඩ් කාලදෙි. ඒ වෙලාවෙ සජබෙ නායකයා කියනවා හිටපු කතා නායකට පාර්ලිමේන්තුව කැඳවන්න කියලා.”
මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යළිත් නැගී සිට පිළිතුරු දුන්නේය.
“ කොවිඩ් තත්ත්වය තුළ පාර්ලිමේන්තුව විසුරුවා තිබෙද්දි අපි පාරිල්මේන්තුව නැවත කැඳවන්න කිව්වෙ කොවිඩ් මර්ධනය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සහ නීති රීති රෙගුලාසි සම්මත කරලා රටට අවශ්‍ය පහසුව ලබා දෙන්න. මේ තකතීරුවන්ට මේක තේරෙන්නේ නෑ.”
ඒ සමග නැගී සිටි හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කීවේ මෙවැනි යෝජනාවක් පාර්ලිමේන්තුව ගෙනෙන්නවත් හැකි ද යන්නය.
“ මේ යෝජනාවෙ තියනවා ඇමතිවරයාට ඕනෑ කාල සීමාවක් සඳහා නැවත නගර සභා සහ ප්‍රාදේශීය සභා කැදවන්න පුලුවන්ලු. මේක පුදුම කතාවක්. ව්‍යවස්ථාවෙ තියනවා නිශ්චිත අවුරුදු ගණනකින් නැවත ඡන්දයක් තියන්න ඕන කියලා. “
කතානායකවරයා මේ අවස්ථාවේ දි මැදියත් විය.
“ඉතින් ඔබතුමාලා උසාවි යනවා කිව්වනේ. උසාවි ගිහින් මේ ප්‍රශ්නය විසඳගන්න.”
එවිට හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කතානායකවරයාට පිළිතුරු දුන්නේය.
“උසාවි යන එක වෙනම දෙයක්. මෙහෙම යෝජනාවක් ගේන්නේ කොහොම ද?. මේ වගේ යෝජනා පාර්ලිමේන්තුවට ගේන්න පුලුවන් ද?”