සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර්ලිමේන්තුව තුළ හොල්මන් කරන කපුටාගේ කපුටු අවතාර රටේ ප්‍රජාතන්ත්‍රවාදය වනසන්න එන හැටි සජිත් කියයි!

by editor
ජූලි 5, 2023
in පුවත්
crow
Share on FacebookShare on Twitter

විසුරුවා දමා ඇති පළාත් පාලන ආයතන නැවත ස්ථාපනය කිරීමට ගන්නා නීති විරෝධී උත්සාහය  කපුටාගේ ඉල්ලීම මත කපුටු අවතාර දියත් කර ඇති කපුටු ව්‍යාපෘතියක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (05) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

මෙම යෝජනාව පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ විසින් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.

කපුටු අවතාර පාර්ලිමේන්තුවට ගෙන එන  මෙම ප්‍රජාතන්ත්‍ර විරොධී යෝජනාවලට    එරෙහිව සමගි ජන බලවේගය අධිකරණයට යන බව  විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී වැඩිදුරටත් පැවසුවේය.

“ කපුටාගේ ඉල්ලීම මත යෝජනාවක් දාලා තියනවා විසිරිච්ච පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු ආපහු ගෙන්වන්න කියලා.”

“මේක කපුටගෙ යෝජනාවක් මේ යෝජනාව කරන්නේ කපුටගේ ඒජන්තවරයා.   අරගයලක් මේ රටේ දියත් වුනේ කපුටව එලවන්න. දැන් කපුටගේ අවතාරය කියනවා කල් ඉකුත් වූ මන්ත්‍රීවරු ආපහු කැඳවන්න කියලා. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ මන්ත්‍රීවරුන්ගේ ධූර කාලය අවසන් වෙලා තියන මොහතෙක මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්ත පාර්ලිමේන්තුවට ගේනවා සම්මත කරගන්න. මේකට  විරුද්ධව අපි අධිකරණයට යනවා.    කපුටා දැන් ඉවරයි.  කපුටන්ගේ අවතාර තමයි නැවත වරක් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය කෙළෙසන්න කටයුතු කරන්නේ. “ විපක්ෂ නායකවරයා පැවසුවේය.

මෙහිදී ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා නැගී සිට කතා කළේය.

“ 2020 දි පාර්ලිමේන්තුව විසුරුවා තිබුණා.    පාර්ලිමේන්තු  මැතිවරණය කල් දැම්මා කොවිඩ් කාලදෙි.  ඒ වෙලාවෙ සජබෙ නායකයා කියනවා හිටපු කතා නායකට   පාර්ලිමේන්තුව කැඳවන්න කියලා.”

මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යළිත් නැගී සිට පිළිතුරු දුන්නේය.

“ කොවිඩ් තත්ත්වය තුළ පාර්ලිමේන්තුව විසුරුවා තිබෙද්දි අපි පාරිල්මේන්තුව නැවත කැඳවන්න කිව්වෙ කොවිඩ් මර්ධනය සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සහ නීති රීති  රෙගුලාසි සම්මත කරලා රටට අවශ්‍ය පහසුව ලබා දෙන්න.  මේ  තකතීරුවන්ට මේක තේරෙන්නේ නෑ.”

ඒ සමග නැගී සිටි හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කීවේ මෙවැනි යෝජනාවක් පාර්ලිමේන්තුව ගෙනෙන්නවත් හැකි ද යන්නය.

“ මේ යෝජනාවෙ  තියනවා ඇමතිවරයාට ඕනෑ කාල සීමාවක් සඳහා නැවත නගර සභා සහ ප්‍රාදේශීය සභා කැදවන්න පුලුවන්ලු. මේක පුදුම කතාවක්. ව්‍යවස්ථාවෙ තියනවා නිශ්චිත අවුරුදු ගණනකින් නැවත ඡන්දයක් තියන්න ඕන කියලා. “

කතානායකවරයා මේ අවස්ථාවේ දි මැදියත් විය.

“ඉතින්  ඔබතුමාලා උසාවි යනවා කිව්වනේ. උසාවි ගිහින් මේ ප්‍රශ්නය විසඳගන්න.”

එවිට හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා   කතානායකවරයාට පිළිතුරු දුන්නේය.

“උසාවි යන එක වෙනම දෙයක්. මෙහෙම  යෝජනාවක් ගේන්නේ කොහොම ද?. මේ වගේ යෝජනා පාර්ලිමේන්තුවට ගේන්න පුලුවන් ද?”

Tags: නවතම
Share69Tweet43
Previous Post

කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවේ හිටපු විදුහල්පතිනියගේ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වෙයි!

Next Post

ලංකාව තුළ  ICCPR පනත අවභාවිතය වැලැක්වීම සඳහා මහාධිකරණය දුන් රත්තරන් වටිනා තීන්දුව!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.