බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාව තුළ  ICCPR පනත අවභාවිතය වැලැක්වීම සඳහා මහාධිකරණය දුන් රත්තරන් වටිනා තීන්දුව!

by editor
ජූලි 5, 2023
in පුවත්
Low-and-oder
Share on FacebookShare on Twitter

දින 38කට පසු නතාෂා එදිරිසූරියට ඇප ලැබුණේය. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නොවේ. කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (05) මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී වෛරී ප්‍රකාශ නිකුත් කරමින් බුදු දහමට අපහාස කළ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටින  නතාෂා එදිරිසූරිය යළිත් ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

මෙම තීන්දුව අභියෝගයට ලක් කරමින් නතාෂා එදිරිසූරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අද (05) කොළඹ මහාධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කළේය.

එම ඇප අයදුම්පත අද කොළඹ මහාධිකරණයේ දී සලකා බැලුවේය. ඒ මහාධිකරණ විනිසුරු   ආදිත්‍ය පටබැඳි ඉදිරියේ ය.

මහාධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න ප්‍රකාශ කළේ ඉකුත් අප්‍රේල්මස කොළඹ පැවති මෝඩාභිමානය නැමැති වැඩසටහනක දී සැකකාරිය කළ ප්‍රකාශයකින් බුදුදහමට අපහාස කළේ යැයි චෝදනා කර අත්අඩංගුවට ගෙන  එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යාන්තර සම්මුති පනත යටතේ ඇය  රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බවය.

ප්‍රහසන වැඩසටහන් ශිල්පිනියක්වන සැකකාරි සිදුකළ ප්‍රකාශ තුළින් බුදු දහමට හෝ බෞද්ධ දර්ශනයට අපහාස කිරීමේ චේතනාවක් ඇය තුළ නොවූ බව ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

නමුත් ඇයගේ ප්‍රකාශයෙන් කිසියම් ආගමික කණ්ඩායමකට හෝ ජන කණ්ඩායමකට සිත් රිදීමක් ඇතිවූයේ නම් ඒ සම්බන්ධව ඇය සමාව ඇයැද සිටින බවද ඔහු අධිකරණයට දැන්වූයේ ය.

අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම තැනැත්තිය මෝඩාභිමානය වැඩසටහන් තුනක් පවත්වා ඇති අතර    තුන්වැනි වැඩසටහන ඇය යොදා ගත්තේ බුදු සමයට නිග්‍රහ කිරීමට බවය. ඇය ආගම ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ යැයි අතිරේක සොලිසටර් ජනරාල්වරයා කීවේය.

අනතුරුව අතිරේක සොලිසිටර්  ජනරාල් දලීප පීරිස් නතාෂාගේ මානසික රෝගී තත්ත්වයක් පිළිබඳ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ වර්ෂ  2017  සිට විශාදය රෝගයට ප්‍රතිකාර ලබා ගන්නා, සිය දිවි නසා ගැනීමේ ප්‍රවණතාවයන් පෙන්නුම් කරනබවට පරීක්ෂණවලින් තහවුරු වී ඇති   සැකකාරිය    ප්‍රහසන වැඩසටහනක් ඉදිරිපත් කිරීමට යෑම කොපමණ භයානකදැයි තේරුම් ගත යුතු බවය.

ඇය මුළු වැඩසටහන පුරාම ඉදිරිපත් කර තිබෙන වචන අසභ්‍ය මෙන්ම අශ්ලීල බවින් යුක්ත බවත්, අසභ්‍ය හා අශ්ලීල වචන සරල කරමින් සමාජගත කිරීම  ඇය සිදුකර තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කීවේය.

තවද මෙවැනි වීඩියො පට යූ ටියුබ් නාලිකාවක උඩුගත කර ඇය වාර්ෂිකව රුපියල් ලක්ෂ 14ක පමණ ආදායමක් උපයාගෙන ඇති බව කිසියම් ලේඛණයක් අධිකරණයට ඉදිරිපත් කරමින්  ඔහු  පැවසුවේය..

මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි එවර එක් ප්‍රශ්නයක් ඇසුවේය. “එලෙස උපයා ගන්නා ආදායම නීති විරෝධී ද?”

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයට ප්‍රකාශ කළේ  එලෙස මුදල් උපයා ගැනීම නීති විරෝධී නොවන බවය.

අනතුරුව මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ  මෙම වටිනා විග්‍රහය සිදුකළේ ස්වකීය තීන්දුව ප්‍රකාශ කිරීමට පෙරය.

මෙම තැනැත්තිය ඉදිරිපත් කරන වචන සම්බන්ධව තමන්ටත් ගැටලුවක් ඇති බව  කී විනිසුරුවරයා  එසේ නමුත් යමක්    ඉදිරිපත් කළ පමණින් එය වෛරී ප්‍රකාශයක්  වන්නේ කෙසේ දැයි විවෘත අධිකරණයේ දී  විමසා සිටියේය.

“විද්‍යාව ගැන තරයේ විශ්වාස කරන පුද්ගලයෙකුට ආගම්වල තියන ඇතැම් කාරණා ප්‍රායෝගික දැයි ප්‍රශ්න කරන්න පුලුවන්. ඒක වෛරී ප්‍රකාශයක් වෙන්නේ කොහොම ද? බුදු රජානන්වහන්සේ පවා තමා යමක් කී පමණින් එය විශ්වාස නොකරන ලෙසත් හොඳින් සොයා බලා යමක් විශ්වාස කරන ලෙසත්  දේශනා කරලා තියනවා.”

“එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යාන්තර සම්මුති පනත පනතේ 3(1) වගන්තිය යටතේ සඳහන් “වෛරී ප්‍රකාශ” යන්න අර්ථකථනය කිරීමට සිදුවන්නේ එක්සත් ජාතීන්ගේ නිර්නායක සමගයි. එසේ නොකොට භික්ෂූන් වහන්සේ නමක් හෝ බලවත් පුද්ගලයෙක් පැමිණිල්ලක් ඉදිරිපත් කළ පමනින් “ වෛරී ප්‍රකාශ යටතේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් තිබෙනවාද යන ප්‍රශ්නය මතුවෙනවා.

අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ මහාධිකරණ විනිසුරුවරයා කීවේ සැකකාරියගේ ප්‍රකාශය තුළින් මහජන කැළඹීමක් ඇතිවූ බව තහවුරු කෙරෙන කරුණු කිසිවක් ඇය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර ඇති බී වාර්තාවේ සඳහන් නොවන බවය.

නතාෂා එදිරිසූරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අවශ්‍ය වන්නේ නැති බවත් ඇය රුපියල් ලක්ෂයක පෞද්ගලික ඇපයක් මත මුදා හරින ලෙසත් කොළඹ මහාධිකරණය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කර සිටියා.

ඒ අනුව ඇපකාරිය සම්බන්ධයෙන්වන ඇප කොන්දේසි සපුරාලීම සහ නෛතික කටයුතු සම්පූර්ණ කිරීමට හෙට අවසන්වනු ඇත.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාර්ලිමේන්තුව තුළ හොල්මන් කරන කපුටාගේ කපුටු අවතාර රටේ ප්‍රජාතන්ත්‍රවාදය වනසන්න එන හැටි සජිත් කියයි!

Next Post

විශ්‍රාමික පොලිස් ලොක්කෙකුට අයත් වව්නියාවේ ලැගුම්හලක ගණිකා මඩමක්…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.