දිනසේන රතුගමගේ –
මෙවර මහ මැතිවරණයෙන් තමිල් මක්කල් දේශීය කූටනි පක්ෂයෙන් යාපනය දිස්ත්‍රික්කයට තරග කොට මන්ත්‍රී ආසනයක් හිමි වූ උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට පෙර මුලතිව් මුල්ලිවයික්කල් ප්‍රදේශයට ගොස් මියගිය කොටි ස්මාරකය අබියසදී 13 දා දිවුරුම් දුන්නේය.
මේ අවස්ථාවට එම පක්ෂයේ එම්.කේ ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා ඇතුලු කීප දෙනෙකුම සහභාගී වූ අතර මෙම දිවුරුම් දීමෙන් පසුව විග්නේස්වරන් පවසා සිටීයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට පෙර යුද්ධයෙන් මියගිය ජනතාව සිහිකිරීම වෙනුවෙන් තමන් එම ස්ථානයේ පූජාවක් පවත්වා දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටු කරණ බවට පොරොන්දු වූ බවයි.







