දිනසේන රතුගමගේ –
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ . සුමන්තිරන්ගේ ආරක්ෂක නිලධාරීන් ඇතුලු ආරක්ෂ අංශ සාමාජිකයින් දාසය දෙනෙකුට එරෙහිව තවත් දෙමළ දේශපාලන පක්ෂ දෙකක නියෝජිතයෝ 14 දා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණී දෙකක් ඉදිරිපත් කොට තිබේ.
යාපනයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ඉදිරිපිටදී යාපනයේ මනාප ඡන්ද ප්‍රතිපල වලට එරෙහිව සාමකාමී විරෝධතාවයක් පැවැත්වූ අවස්ථාවේදී එතැනට පැමිණි සුමන්තිරන් මන්ත්‍රීවරයා තමන්ගේ ආරක්ෂ නිලධාරීන් ලවා විරෝධතාකරුවන්ට පහර දීම මානව හිමිකම් උල්ලංඝනය වීමක් බව පවසමින් එම පැමිණිලි දෙක ගොණු කොට තිබේ.
මේ අවස්ථාවේදී එතැන සිටි ආරක්ෂක නිලධාරීන්ද විරෝධතාකරුවන්ට පහර දුන් බවත් පැමිණිල්ලේ සඳහන් වී ඇති අතර මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පැමිණිලිකරුවන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ යාපනය දිස්ත්‍රික් කාර්යාලයෙන් ඉල්ලා තිබේ.