ආසියානු කුසලාන ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා දැල්පන්දු කණ්ඩායම උත්කර්ෂවත් අන්දමින් පිළිගනිමින් කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කොළඹට මෝටර් රථ පෙළපාලියකින් රැගෙන එන බවත් මග දෙපස ඉඳ ජයග්‍රාහී කණ්ඩායමට සුබ පතන්නට එක් වන ලෙසත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ශ්‍රී ලංකා පොලීසිය පිරිවරාගත් රථ පෙළපාලියකින් ක්‍රීඩකයින් රැගෙන යන අතර රථ පෙළපාලිය කොළඹ මීගමුව මාර්ගය ඔස්සේ කොළඹ 7 මෙට්ලන්ඩ් පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත්, ටොරින්ටන් චතුරශ්‍රයේ ක්‍රීඩා අමාත්‍යංශ සංකීර්ණයේ පිහිටි දැල්පන්දු සම්මේලන මූලස්ථානයටත් ගමන් කිරීමටත් නියමිතය.
ගුවන්තොටුපළෙන් පිටත්ව කොළඹ – මීගමුව පාරේ සිට පෑලියගොඩ හන්දිය දක්වාත්, මරදාන හන්දිය, එල්ෆින්ස්ටන් හන්දිය, ඩාර්ලි පාර, යුනියන් පෙදෙස, ඇලෙක්සැන්ඩ්‍රා පාර, නිදහස් මාවත, ටොරින්ටන් චතුරශ්‍රය, මේට්ලන්ඩ් පෙදෙස දක්වාත් රථ පෙළපාලිය ගමන් කරයි.
තෝරාගත් ස්ථානවල ද පෙළපාළිය නවත්වන අතර පාර දෙපස පෙළ ගැසී ක්‍රීඩකයින්ට සහයෝගය ලබා දෙන්න යැයි මාධ්‍ය අංශය ඉල්ලා සිටියි.







