වතිකානුව විසින් ඉතිහාසයේ අතිශය සුවිශේෂී තින්දුවක් ගනිමින් රෝමානු කතෝලික පූජකවරුන්ට සමලිංගික යුවල වෙත ආශීර්වාද කිරීම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පසුගිය සඳුදා අනුමත කරනු ලැබුවේය.
සමලිංගික යුවල සාමාන්‍ය පල්ලියේ චාරිත්‍ර වාරිත්‍රවල හෝ පූජනීයත්වයේ කොටසක් නොවන තාක් කල් පූජකවරුන්ට ඔවුන් වෙත ආශීර්වාද කළ හැකි බව පාප්තුමෝ කීහ.
වර්ෂ වතිකානුවේ මූලධර්ම කාර්යාලය ප්‍රකාශ කර තිබුණේ ආශීර්වාද ගැන්වීමේ අක්‍රමවත් තත්වයන් නීත්‍යානුකූල නොකරන නමුත් දෙවියන් වහන්සේ සියල්ලන්ම පිළිගන්නා බවය. එය කිසිදු ආකාරයකින් විෂමලිංගික විවාහය යන සක්‍රමේන්තුව සමඟ පටලවා නොගත යුතු බව ද එම ලේඛණයේ දක්වා තිබිණි.
ප්‍රකාශිත තත්ත්වයන් අනුව මෙම ආශීර්වාද ගැන්වීම පූජකයන් එක් එක් සිද්ධිය අනුව තීරණය කළ යුතු බවත්, “සරල ආශීර්වාදයක් තුළින් දෙවියන් වහන්සේගේ උපකාරය පැතිය හැකි සෑම අවස්ථාවකදීම පල්ලිය මිනිසුන්ට සමීප වීම වැළැක්විය යුතු හෝ තහනම් නොකළ යුතු බවත්” එහි සඳහන් විය.
මෙම ලේඛණයේ අන්තර්ගතය යථාර්ථයක් කරමින් පසුගිය සඳුදා පිටු අටකින් යුත් ලේඛනයක් නිකුත් වූ අතර , එහි “ආශීර්වාද පිළිබඳ දේවගැති අර්ථය” මාතෘකාව යටතේ විශේෂ තත්වයන් තුළ දේවගැතිවරයෙක් කටයුතු කළ යුතු ආකාරය තිබිණි. එහි “අවිධිමත් අවස්ථාවන්හිදී සහ සමලිංගික ජෝඩුවල ආශිර්වාදය” ලෙස නම් කරන ලද කරුණු 11කින් යුතු කොටසක් විය.
පල්ලිය උගන්වන්නේ සමලිංගික ආකර්ෂණය පාපයක් නොවන නමුත් සමලිංගික ක්‍රියා පාපයක් බවය. ප්‍රැන්සිස් පාප් වහන්සේ ධූරයට තේරී පත් වූ දා සිට උන්වහන්සේ බිලියන 1.35කට වඩා වැඩි LGBT ප්‍රජාවට සදාචාරාත්මක මූලධර්ම වෙනස් නොකර වඩාත් පිළිගැනිමක් සැලසීමට උත්සාහ කළහ. – රොයිටර්