අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිය බලය පා මොණරකෙළි රඟන ඇමති විදුර ජනපති ඉදිරියේදිම පරාක්‍රම නිරිඇල්ලගෙන් කන් පිරෙන්න අහගනී!

by editor
දෙසැම්බර් 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter
  • ඇමතිතුමාටත් අධ්‍යක්ෂවරියටත් ගැලපෙන ආකාරයට උපදේශක මණ්ඩලයේ නිර්දේහ සහ උපදේශක මණ්ඩලයේ  තීරණ අත්තනෝමතික ලෙස වෙනස් කරන්න පුළුවන්නම් මම සහ අපි, මේ උපදේශක මණ්ඩලයේ සිටීමේ තේරුමක් නැහැ. රාජ්‍ය නාට්‍ය උපදේශක සභාවේ සභාපති පරාක්‍රම නිරිඇල්ල ඇමතිගේ මූණට කියා වේදිකාවෙන් බැස යයි

සිය අමාත්‍යාංශවල සම්ප්‍රදාය සහ ප්‍රබුද්ධ ක්‍රමවේද මුග්ධ ලෙස උල්ලංඝණය කරනු ලබන බවට චෝදනා ලබමින් සිටින බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක ගේ අත්තනෝමතික ක්‍රියා කලාපය ජනාධිපතිවරයා ඉදිරිපිටම විවේචනය කරමින් රාජ්‍ය නාට්‍ය උපදේශක සභාවේ සභාපති පරාක්‍රම නිරිඇල්ල සිය ධූරයෙන් අස්වීම ප්‍රකාශයට පත් කළ ඊයේ රාජ්‍ය නාට්‍ය උළෙල සම්මාන ප්‍රදාන වේදිකාවෙන් බැස ගියේය.

තමන් විසින් නිර්දේශිත සම්මාන ඇමතිවරයා සහ අධ්‍යක්ෂවරිය විසින් අත්තනෝමතිනව වෙනස් කරමින් සම්මාන ලාභී ඩග්ලස් සිරිවර්ධනට මෙවර සම්මානය නොලැබෙන බව ලිඛිතව දැන්වීමට කටයුතු කිරීමට එරෙහිව ප්‍රවීන නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල මෙම ප්‍රකාශය කළේය.

රාජ්‍ය නාට්‍ය උළෙල – 2022 සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා රඟහලේ දී ඊයේ (19) පස්වරුවේ පැවති අවස්ථාවේ අදහස් ප්‍රකාශ කරමින් පරාක්‍රම නිරිඇල්ල මෙසේ පැවසීය.

මේ නාට්‍ය ක්ෂේත්‍රයේ ඉතිහාසයේ නොමැකෙන මතක සටහන් තැබූ නාට්‍යකරුවන් කවුද යන්න අපි දන්නවා. ඒ දැනුම අනුව විදේශයන්හි අපේ මව්බිමේ නාමය සටන් කළ නාට්‍යකරුවන් තිදෙනෙකුට සහ කලාකාරියකට ඇගයීම් සම්මාන පිරිනැමීමට  සුදුසුයි කියලා අපි යෝජනා කළා.

නාට්‍ය උත්සව ඉතිහාසය ස්වේච්ඡාවෙන්ම ලේඛනගත කරමින් අනුපමේය මෙහෙවරක් ඉටුකළ ප්‍රවීන කලාකරු නාලන් මෙන්ඩිස් මහතාත් මේ සංවත්සර උළෙලේ ඇගයීමට ලක්විය යුතු යැයි අපි යෝජනා කළා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ වගේම මේ සම්මාන උළේලේ ප්‍රධාන ආරාධිතයා ලෙස වැජඹෙන සුනන්ද මහේන්ද්‍ර මැතිතුමන්ටත්, නාට්‍යවේදි කලයි චෙල්ලම් මැතිතුමාටත්, නීතිඥ ඩග්ලස් සිරිවර්ධන මැතිතුමාටත් ජීවිතයේ එක් වරක් පමණක් පිදෙන නාට්‍ය කිර්ති සම්මානය ඔවුන් නාට්‍ය කලාවේ උන්නතියට කළ සේවය සලකා බලා සම්මානයට පත් විය යුතු යැයි රාජ්‍ය නාට්‍ය උළෙල උපදේශක මණ්ඩලය යෝජනා කළා.

එසේ තිදෙනෙක් යෝජනා කළේ මීට පෙරත් තිදෙනෙකුට එම සම්මානය පිරිනමා ඇති බව දැනගෙනයි.  නාට්‍ය කීර්ති සම්මානයේ ප්‍රදානය පිළිබඳ ප්‍රතිපත්ති හෝ රෙගුලාසි කොහේවත් සටහන් වී නෑ. අපේ නිර්දේශමත මේ තිදෙනාටම එම නාට්‍ය කිරීති සම්මානය භාර ගැනීමට පැමිණෙන ලෙස ගෞරවනීය ලෙස දන්වා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරියගේ අත්සනින් 2023 නොවැම්බර් 11 ආරාධනා ලිපි යවා තිබෙනවා.

ඊට පසුව නැවත්ත එම අධ්‍යක්ෂිකාවගේම අත්සනින් නාට්‍යවේදී ඩග්ලස් සිරිවර්ධන මහතාට 2023 දෙසැම්බර් 11 වෙනිදා ලිපියක් යවනවා  එක් අංශයකට එක් සම්මානයක් දෙන්න ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තිබෙන නිසා ඔහුට හිමිවිය යුතු සම්මානය ලබන අවුරුද්දේ දෙනවා කියලා…

කවුද මෙවැනි ප්‍රතිපත්තියක් හදිසියේම හැදුවේ? මේ  සම්මාන උලෙළ ගැන රාජ්‍ය නාට්‍ය උළෙලේ උපදේශක සාභාවෙ තිරීණයක්  මෙහෙම වෙනස් කළේ මොකද? . කොහොමද?. කවුද?.

ගැන විමසීමේ දී මට  දෙපාර්තමේන්තුවෙන් දැනගන්න ලැබුණේ ඇමතිතුමාගේ නියෝගයක් අනුව මෙම වෙනස සිදුකළ බවයි. මෙවැනි සිද්ධියක් මේ රටේ පමණක් නෙමෙයි. මේ ලෝකේ කොහේදීවත් සිදුවුණා කියලා මම අහලා නෑ. මේක නාට්‍ය කලාවලට මෙහෙවරක් කළ නාට්‍ය කලාකරුවෙකුට කළ අගෞරවයක්. සදාචාරයට පටහැනි නොපනත් කමක්. නාට්‍ය උත්සව ඉතිහාසයේ මෙම 50 වැනි සංවත්සරයේ දී ඇති කළ මකා දැමිය නොහැකි කිළුටක්.

ඇමතිතුමාටත් අධ්‍යක්ෂවරියටත් ගැලපෙන ආකාරයට උපදේශක මණ්ඩලයේ නිර්දේහ සහ උපදේශක මණ්ඩලයේ  තීරණ අත්තනෝමතික ලෙස වෙනස් කරන්න පුළුවන්නම් මම සහ අපි, මේ උපදේශක මණ්ඩලයේ සිටීමේ තේරුමක් නැහැ. මේ නිසා මම මේ වේදිකාවෙන් පහළට බසින මොහොතේ සිට රාජ්‍ය නාට්‍ය උපදේශක සභාවේ සභාපතීත්වයෙන් හා එහි සාමාජිකත්වයෙන් ඉවත්වෙනවා. මට කරන්න දේවල් තියෙනවා. මට එළියට බැහැලා නාට්‍ය නිර්මාණය කරන්න පුළුවන්. මට ජනතාව අතරට යන්න පුළුවන්.”

මේ කතාව නිමා කරනු සමග සභාවෙන් නොකඩවා අත්පොලසන් නැගෙන්නට විය.

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව 50 වැනි වරට මෙම රාජ්‍ය නාට්‍ය උළෙල – 2022 සම්මාන ප්‍රදානොත්ස්වය සංවිධාන කර තිබිණි.

ශ්‍රී ලාංකීය නාට්‍ය කලාව උදෙසා කරන ලද සුවිශේෂ මෙහෙවර වෙනුවෙන් එම්. එම්. එම්. රාවුෆ් සහ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහත්වරුන්ට මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සම්මාන පිරිනැමිණ.

ජාත්‍යන්තර වශයෙන් නාට්‍ය කලාවට කරන ලද සේවය වෙනුවෙන් හිරාන් අබේසේකර , එම්. සෆීර්, සුජීව පතිනිසේකර, බී. ඒ සුබුද්ධි ලක්මාලි සහ දේශීය නාට්‍ය කලාවේ උන්නතිය උදෙසා සිදු කරන ලද සේවාව උදෙසා නාලන් මෙන්ඩිස් වෙනුවෙන් ද මෙහදී සම්මාන පිරිනැමිණ.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාප්තුමෝ ඉතිහාසගත තීන්දුවක… රෝමානු කතෝලික පූජකවරුන්ට සමරිසි යුවල වෙත ආශීර්වාද කිරීම වතිකානුව අනුමත කරයි..

Next Post

මගේ පූර්වගාමීන් කළ වැරදි කවදාවත් කරන්නේ නෑ… දැන් 60යි… 65න් යනවා… සුමන්තිරන් දේශපාලනයෙන් විශ්‍රාම යන දිනය කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.