පානදුර සුමිත් ප්‍රේමතිලක –
ඉකුත් 16 දා අළුයම 1 ට පමණ හොරණ කුඹුක ප්‍රදේශයේ දී මෝටර් රථයක ගමන් ගත් ව්‍යාපාරිකයෙකු ගේ ගෙලට වෙඩිතබා ඝාතනය කිරීමට තැත්කල සැකකරු පිස්තෝලය සහ උණ්ඩ 7 ක් සමග පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ වව්ලුගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය කියයි .
වෙඩිවැදිමෙන් තුවාල ලැබුවේ අංක 10 ගැමුණු මාවත, හොරෙයිතුඩුව, කෙසෙල්වත්ත, පානදුර ලිපිනයේ පදිංචි අඹන්පොල කම්කානම්ගේ දර්ශන සංජය ජයසිංහ වීමෝල් හිමි ව්‍යාපාරිකයෙකි.








