සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාදෙණියගේ කීමට වැඩ කළ පවිත්‍රා අධිකරණයේදී පරාජය වෙයි!

by editor
ජනවාරි 26, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

හිටපු සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි විසින්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපතිවරයා වන හරේන්ද්‍ර සිල්වා අතුළු සාමාජිකයින් ඉන් ඉවත් කර මහාචාර්ය වජිර දිසානායකගේ සභාපතිත්වයෙන් යුතු නව සාමාජිකයින් පත් කිරීම බල රහිත කරමින්, අභියාචනාධිකරණය විසින් අද ( 26) තීන්දුවක් ලබා දුන්නේය.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා ඇතුළු සාමාජිකයන් විසින් ගොනු කරන ලද රිට් පෙත්සම සළකා බැලූ එම්. පී මොහොමඩ් නසාර් හා එස් යූ බී කරල්ලියද්ද යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මණ්ඩලය විසින් මෙම නියෝගය අද නිකුත් කළහ.

නියෝගය නිකුත් කරමින් අධිකරණය දන්වා සිටියේ හිටපු සභාපති හරේන්ද්‍ර සිල්වා ඇතුලු හිටපු සාමාජිකයන් යළි එම තනතුරුවල පිහිටුවන ලෙසය.

2019 ජනවාරි මස 21 වැනිදා ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් නියාමනය කිරීමේ හා ලියාපදිංචි කිරීමේ ආයතනය වන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා පත් කරනු ලැබුවේය.

ඔහු හා වෛද්‍ය සභාවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් එවකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු පිරිසක් විසින් කරන ලද පැමිණිල්ලක් මත ඒ පිලිබඳ විමර්ශනයක් සඳහා එවකට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි 2020 ඔක්තොම්බර් මාසයේදී කමිටුවක් පත් කරන ලදී.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවට අනුව සභාපතිවරයා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් 2021 නොවැම්බර් 21 වැනිදා වෛද්‍ය සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට අමාත්‍යවරිය පියවර ගත්තාය.

අමාත්‍යවරියගේ එම තීරණයට අභියෝග කළ මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා, වෛද්‍ය සුනිල් රත්නප්‍රිය, වෛද්‍ය උපුල් ගුණසේකර, මහාචාර්ය නාරද වර්ණසූරිය හා වෛද්‍ය පුෂ්පිත දර්ශන සුනිල් උභයසිරි, අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සම ඉදිරිපත් කරමින් අමාත්‍යවරියගේ නව පත්කිරීම් බල රහිත කරන ලෙස ඉල්ලා සිටියහ.

මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, වෛද්‍ය හේමන්ත පෙරේරා, මහාචාර්ය ප්‍රශාන්ත විජේසිංහ, මහාචාර්ය අනුලා විජේසුන්දර, වෛද්‍ය මෛත්‍රී චන්ද්‍රරත්න, මහාචාර්ය වජිර දිසානායක, වෛද්‍ය දර්ශන සිරිසේන ඇතුළු 13 දෙනෙකු නම් කර තිබිණි.

මේ ප්‍රකාශ වුනේ එම අභියාචනාධිකරණයේ තීන්දුවය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිදහස සැමරුමට කෝටි 20 මදි… තව කෝටි 14ක් ඉල්ලයි !

Next Post

ගල් කැටයක්වත් ගන්න එපා… මාර්තු 09 කතිරය ගහලා ඒ දැවැන්ත දේශපාලන විප්ලවය කරමු – අනුර කුමාර දිසානායක!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.