සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගල් කැටයක්වත් ගන්න එපා… මාර්තු 09 කතිරය ගහලා ඒ දැවැන්ත දේශපාලන විප්ලවය කරමු – අනුර කුමාර දිසානායක!

by editor
ජනවාරි 26, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මේ දූෂිත දේශපාලන ක්‍රමය විසින් මේ වනවිට   අප තුළ ඇති කර ඇති පීඩනය ප්‍රකාශ කළ යුත්තේ ඇනකොටාගෙන අපේම සහෝදර පිරිස් සමග ගහමරාගෙන නොව, මාර්තු 09 දා ජනතාවගේ පැත්තෙන් ගත යුතු ඓතිහාසික තීන්දුව  ව කතිරයෙන් සටහන් කර බව  ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.

 

රට විනාශ කළ දේශපාලනය ප්‍රතික්ෂේප කර නිවැරදි තීන්දුව ගැනීමට ගම්පිටින් පවුල් පිටින් දැන් මාළිමාව වටා රොක්වන පිරිස ගෞරවයෙන් සහ ආදරෙයෙන් යුතුව පිළිගැනීම අවශ්‍ය බව පෙන්වා දුන් ඔහු දුෂ්කර සහ අසීරු කාල වල දී අනේවිධ කැපකිරීම් කරගෙන පක්ෂය රැකගත් ගමේ සහෝදරවරුන්ට පමණක් දැන් මේ ජාතිකය කාර්යය වෙනුවෙන් තනිවම උර දිය නොහැකි බව පැහැදිලි කළේය.

ඊයේ (25) අනුරාධපුරයේ අති විශාල ජනගඟක් සහිත ජාතික ජන බලවේගයේ මංගල ප්‍රචාරක රැළිය අමතමින් අනුර කුමාර දිසානායක පැවසුවේ මේ රටේ සාතිශය බහුතරය නව ආණ්ඩු පත් කරගත්තේ රටට යහපතක් සිදුවනු ඇතැයි යන ප්‍රාර්ථනාව සහිතව බව අමතක නොකළ යුතු බවය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

දැන් ඒ ප්‍රාර්ථනාව සහිත මිනිස්සු මාලිමාව වටා කඳවුරු බඳින මොහොත බව ඔහු පෙන්වා දුන්නේය.

“ අපි වෙන පක්ෂවල අය එකතු කර ගන්න ඕනෙ. මේක රටේ සියලු ජනතාවගේ වැඩක්. අපේ ව්‍යාපාරික මහත්තයා, පෞද්ගලික අංශයේ සේවකයා, අපේ ස්වාමීන්වහන්සේලා, පූජක උතුමන්ලා, ධීවර ජනතාව, තරුණ තරුණයන් සියලු දෙනාම එකතු වෙන්න ඕනෑ. අපි අතර බෙදීම් නැහැ. බෙදීම තියෙන්නේ හොරුන්ගේ පිල හා හොරුන්ට දඬුවම් දෙන පිල අතරයි; යාචක ආර්ථිකය හදන පිල හා රට ගොඩනගන පිල අතරයි; මේ රට විනාශ කරපු පිල හා මේ රට හදන පිල අතරයි. සියලු ජනතාවට ආරාධනා කරන්න එන්න කියලා. පරණ අමනාපකම් තිබෙන්න ඇති. දේශපාලන මතවාද තියෙන්න ඇති. ඒවා අමතක කර අපි හැමෝම සහෝදරත්වයෙන් වැළඳ ගන්න ඕනෑ. මේ ජයග්‍රහණය ලබාගන්න පවුල් පිටින් ගම් පිටින් එකතු වෙන්න ඕනෑ. අපි ඒ සඳහා සියලු දෙනාටම ආරාධනා කරනවා. අනුරකුමාර දිසානාය පැවසුවේය.

මේ වනවිට දේශපාලනයේ ඇතේ කඳවුරු දෙක්ක බවත් රට විනාශ කළ කඳවුර සහ රට යළි ගොඩනගන කඳවුර, හොරකම් කළ හොරුන්ගේ කඳවුර සහ හොරුන්ට දඬුවම් දෙන කඳවුර, හිඟන ආර්ථිකයක් හදපු කඳවුර සහ ආර්ථිකය ගොඩනගන කඳවුර යන කඳවුරු දෙක බව පවසමින් ජාතික ජන බලවේගය ලෙස දුගී භාවය තුරන් කරමින් රට ගොඩනගන ආර්ථික වැඩපිළිවෙළ ඔහු මෙසේ පැහැදිලි කළේය.

“මේ රට ගොඩනගන ප්‍රතිපත්ති අපි හදලා තිබෙන්නේ. ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරන්නේ කොහොමද? දුප්පත්භාවය කියන්නේ කන්න බොන්න නැතිකම විතරක් නොවෙයි. පාසලේදි, බස් එකේදි, බැංකුවේදි වෙනස්කොට සලකනවා. දුප්පත්කම පීඩනයකුත් ඇති කරන්නවා. ගරුත්වය අහිමි වෙනවා. දුප්පත්භාවය නැති කරන්නේ කොහොමද? ඒ ජනතාවගේ ආර්ථිකය කොහොමද? කුඹුරක් තිබුණොත් ගොවිතැන. ගඟක් තිබුණොත් මාළු අල්ලනවා. වැලිගොඩ දානවා. අපේ රටේ ආර්ථික ගමන කොහාටද ගිහින් තිබෙන්නේ. කොළඹ කේන්ද්‍රකරගත් ආර්ථිකයක් තිබෙන්නේ. නායකයෝ කොළඹින් එනවා. ගම ගැන දන්නේ නැහැ. විශාල මහල් නිවාස, සුපර් සෙන්ටර්, නෙළුම් කුලුනු, හදනවා. බස්නාහිර පළාත ආර්ථිකයට 36%ක් ලබාදෙන විට උතුරු මැද පළාතෙන් ආර්ථිකයට දායකත්වය ලැබෙන්නේ 5%යි. ආර්ථිකයට ලොකු ප්‍රතිලාභයක් එන්නේ නැහැ.

නව ආර්ථික අවස්ථා ගමට ගේන්න ඕනෑ. ජාතික ජන බලවේගය ගමේ ජනතාව නගා සිටුවන ආර්ථික සැලසුම හදා තිබෙනවා. ඒක ගමේ ජනතාව කොළඹට ගේන ආර්ථිකයක් නොවෙයි. ගමේ ජනතාව ළඟට එන ආර්ථික සැලැස්මක් තිබෙන්න ඕනෑ. නව නිපැයුම් මාලාවක් අපි නිර්මාණය කරනවා. අප්‍රිකානු කලාපයේ විශාල වෙළඳපොළක් ඇති වෙමින් තිබෙනවා. අප්‍රිකානු කලාපයට පැය හතර හමාරක ගුවන් ගමනක් තිබෙන්නේ. අපට හොඳ මුහුදු මාර්ගයක් තිබෙනවා. ඒ කලාපය මාකට් එක ඉලක්ක කරගෙන භාණ්ඩ නිෂ්පාදනය කරන්න පටන් ගන්න ඕනෑ. ඒ කර්මාන්ත ශාලා හැදෙන්නේ ගමේ. එතකොට තමයි ගමේ අයට රැකියා ලැබෙන්නේ. එහෙම තමයි ගැමි ජනතාවගේ ආර්ථිකය හැදෙන්නේ. අපි ආර්ථිකය හදාගන්නකම් සහනාධාරයක් දෙන්නම්. අපේ අපේක්ෂාව හැමදාම සහනාධාර දෙන්න නොවෙයි, ආර්ථිකය නගාසිටුවන්න.

අධ්‍යාපනය

ආර්ථික සැලැස්මේ ඊළඟට ප්‍රධාන වන්නේ අධ්‍යාපනයයි. අධ්‍යාපනය රජයේ වගකීමක්. මාලිමාවේ ආණ්ඩුවක ප්‍රධානම වෙනස ඇති කරන්නේ අධ්‍යාපනය තුළින්. පාසල් පද්ධතිය කඩා වැටී තිබෙනවා. පාසල් තිබුණාට අධ්‍යාපනය තිබෙන්නේ එළියේ. මේ අධ්‍යාපනය දෙමව්පියන්ට විශාල බරක් වී තිබෙනවා. දෙමව්පියන් වෙත පැවරී ඇති බර මාලිමාවේ ආණ්ඩුව බාර ගන්නවා. වැඩිම බරක් යොදන්නේ අධ්‍යාපනයට. අපිට අධ්‍යාපනය පැත්තෙන් ලෝකයේ විශාල පාරවල් ගණනක් තිබෙනවා.

ලෝකයේ නාවික ඉංජිනේරු ක්ෂේත්‍රය එහෙම එකක්. ඉස්සර නාවුක ක්ෂේත්‍රයේ හිටියේ යුරෝපයේ අය පමණයි. අද ඉන්නේ රුසියාවේ, පිලිපීනයේ, යුක්රේනයේ කට්ටිය. අපට සමාන්තර ඒකපුද්ගල ආදායම් තිබෙන රටවල්. අපට ඒ ආර්ථික ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වෙන්න පුළුවන් නම්, අපට නාවික කර්මාන්තය පටන් ගන්න පුළුවන්කම තිබෙනවා. නැව් හැදීමේ කර්මාන්තයක් පටන් ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ටික අපි හදනවා. ඒ අධ්‍යාපනය දියුණු කළොත් ලෝකයේ තිබෙන නාවික ක්ෂේත්‍රයේ 4%ක් අපි අල්ලා ගත්තොත් ඩොලර් බිලියන 08ක් හොයන්න පුළුවන්.

දැනුමට ඇති මිල –

මුළු ඇඟලුම්වලින්ම හොයන්නේ 5%යි. එයිනුත් 3%ක් යනවා අමුද්‍රව්‍ය ගෙන්වන්න. මේ ක්ෂේත්‍රය දියුණු කළොත් රටටත්, දෙමව්පියන්ටත්, දරුවාටත් හොඳයි. ලෝකයේ තොරතුරු තාක්ෂණය තිබෙනවා. විශාල ශ්‍රම වෙළඳපොළක් තිබෙනවා. 2021 සෞදි අරාබිය ලෝකෙට තෙල් විකුණලා සොයා ගත්තේ ඩොලර් බිලියන 113යි. ඉන්දියාව අයි.ටී. විකුණලා සොයා ගත්තා ඩොලර් බිලියන 133ක්. මේ කියන්නේ දැනුම තෙල්වලට වඩා මිලෙන් ඉහළයි.
අපට දැනුම තියෙන, හොඳ මානව සම්පතක් තිබෙනවා. මෙය මුවහත් කරන්න ඕනෑ. ලොකෙ තියෙන ප්‍රධාන මෘදුකාංග සමාගම්වල ඉහළින්ම ඉන්නේ ඉන්දියානුවන්. ලොකේ ප්‍රධාන බැංකුවල ඉහළම කළමනාකරුවෝ ඉන්දියානුවන්. ඒ රටේ පාලකයන්ට හොඳ දැක්මක් තිබුණා. අපේ රටේ පාලකයෝ යාචකයෝ හදනවා. අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් කරන්න ඕනෑ. අධ්‍යාපනය මත ඇති කරන වෙනස මත තමයි අපේ රට ලෝකයේ දිදුලන රාජ්‍යයක් බවට පරිවර්තනය කරන්නේ.

නූගත්කම, අපරාධ සහ දුප්පත්කම

නූගත්කමයි දුප්පත්කමයි අතර සම්බන්ධයක් තිබෙනවා. අපරාධයි දුප්පත්කමයි අතර සම්බන්ධයක් තිබෙනවා. 2019 බන්ධනාගාර ගත වුණු අයගෙන් 74%ක් සාමාන්‍ය පෙළට පහළින් හිටියා. මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වුණු අයගෙන් 84%ක් සාමාන්‍ය පෙළට පහළින් සිටියා. මත්ද්‍රව්‍යයි අධ්‍යාපනය අතරයි සම්බන්ධයක් තිබෙනවා.

මේ රට ගොඩනගනවා නම් අධ්‍යාපනය ගොඩනැගිය යුතුයි. ලංකාවේ අධ්‍යාපනය පිළිබඳ විවිධ අධ්‍යයනයන් කළ, ලෝකයේ අධ්‍යාපනය හදාරපු, ලෝකයේ තිබෙන උසස්ම අධ්‍යාපනයන් ගැන ගැඹුරු අවබෝධයක් තිබෙන කණ්ඩායමක් අපේ අධ්‍යාපන වැඩපිළිවෙළ බාරගැනීම සඳහා සූදානම්ව ඉන්නවා.

අපේ රට පාලනය කරන්නේ කවුද? අරක්කු ෆැක්ටරි අයිතිකාරයෝ, වැලිගොඩදාන අය, තැබෑරුම් අයිතිකාරයෝ, මංකොල්ලකාරයෝ, අපරාධකාරයෝ. මේ රට පාලනය කළේ කිසිදු තෙතමනයක් නැති අය. හිරිවැටුණු නායකයෝ. ආර්ථිකය වට්ටලා ජනතාවගේ පඩිපතට ගහන්න පටන් අරගෙන තිබෙනවා. වෘත්තීමය ශ්‍රම බලකාය 15% යි. ඔවුන්ගේ පඩියට විශාල බද්දක් ගහනවා. බැංකුවල ඉහළ කළමනාකරුවන් 500 දෙනෙක් මේ රට දමාගොස් තිබෙනවා. ගිය මාසේ අගොස්තු වෙනකොට වෛද්‍යවරු පන්සිය දෙනෙක් රට දමා ගොස් තිබෙනවා. ගිය අවුරුද්ද අවසන් වෙනකොට වෛද්‍යවරු 470ක් රට දමාගොස් තිබෙනවා. රට දමා යන අයට අපි ආරාධනා කරනවා, යන්න එපා. නුදුරේම අපි මාලිමාවේ ආණ්ඩුවක් හදනවා. අපි ඔක්කෝම එකතු වෙලා මේ රට හදමු.

අද තීරණාත්මක ඡන්දයක් ඇවිත් තිබෙනවා. මේ නගර සභා, ප්‍රාදේශීය සභා ඡන්දය කියලා කියන්නේ පාර, බෝක්කුව, පාලම පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. රටේ අනාගතය කොහෙටද මාරුවෙන්නේ කියලා හැරවුම් සංඥාවකට ගන්න ඡන්දයක් තමයි මාර්තු 09 වැනිදා තියෙන්නේ. මේ රටටත් ලෝකෙටත් සංඥාවක් දෙන්න, මේ රට වෙනස් කිරීමට අවශ්‍ය සංඥාව අපි දෙන්න ලෑස්තියි කියන පණිවිඩය.

09 වැනිදා ජාතික ජන බලවේගයට ජනවරම දීලා ලිඛිත සාක්ෂියක් දෙන්න, ඒ ගොල්ලන්ට ජනවරම නැති බවට. ‘ජනතාවගේ කැමැත්ත මාලිමාවට. ජනතාව ආණ්ඩුවද, රනිල්වද ප්‍රතික්ෂේප කොට ඇත. ලක්ෂ සංඛ්‍යාත ජනතාව මාලිමාව කෙරෙහි විශ්වාසය තබා ඇත’ කියලා. ජනතාවගේ කැමැත්තක් නැතිව ආණ්ඩුවට ඉන්න බැහැ.

Share69Tweet43
Previous Post

පාදෙණියගේ කීමට වැඩ කළ පවිත්‍රා අධිකරණයේදී පරාජය වෙයි!

Next Post

කුරුණෑගලින් හොර ලොතරැයි හමුවේ…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.