සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 පාදාගත් ඩොලර් ඉල්ලමක් වියත්මග  විනාශ  කළ හැටි මුල් පුටුවක සිටි මහාචාර්යවරයෙක් හෙළි කරයි. 

by editor
ඔක්තෝබර් 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ හමුවන වටිනා ඛනිජයක් වන මිනිරන් අගය වැඩිකිරීමෙන් එයින් බැටරි නිෂ්පාදනය කොට විදේශ විනිමය ඩොලර් මිලියන ගණනක් වසරකට ඉපැයිය හැකි ව්‍යාපෘතියක් ශ්‍රි ලංකා රජයේ ආයතනයක් මූලිකව ආරම්භ කළද වියත්මග සංවිධානයට සම්බන්ධ සාමාජිකයන් පිරිසක් විසින් මෙම වැඩ පිළිවෙළ  සම්පූර්ණයෙන්ම විනාශ කළ  බව මහනුවර හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ හිටපු විධායක අධ්‍යක්ෂ මහාචාර්ය සමන් සෙනෙවීර පවසයි.

එම ආයතනයේ පර්යේෂකයන් විසින් වසර ගණනාවක් තිස්සේ සිදු කරන ලද පර්යේෂණවලින් අනතුරුව මෙම තාක්ෂණය සොයා ගත් බවත් නූතන තාක්ෂණික මෙවලම් සඳහා මනාව උපයෝගී කර ගත හැකි මෙම බැටරි නිෂ්පාදනය ඩොලර් බිලියන ගණනක් රටට ලාබ ලැබෙන නිෂ්පාදනයක් බවත් එම ඩොලර් ඉල්ලමක් නැති කර ගත් බවත් මහාචාර්යවරයා පැවසුයේ ලංකාසර සමඟ පිළිසඳරකට එක්වෙමිනි.

මහාචාර්ය සෙනෙවීර 2018 වසරේ සිට 2021 දක්වා කාලය තුළ ජාතික මූලික අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර එයින් ඉවත්ව දැනට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්ව විද්‍යාලයයේ සේවය කරයි.

එහිදී තවදුරටත් අදහස් දැක්වු මහාචාර්යවරයා මෙලෙස මේ පිළිබඳව විස්තර කළේය.

“ අපේ රටේ තිබෙන වටිනා ඛනිජයක් වන මිනිරන් අද සියයට 90ක් විතරම පිටරටට යන්නේ නිකම්ම ඛනිජ ආකාරයට. එයින් අපට ලැබෙන්නේ සාපේක්ෂව ඉතා අඩු ආදායමක්. නමුත් මේ මිනිරන්වලට යම් අගය කිරීමක් ලැබෙනවා නම් එයින් අපට උපයා ගත හැකි විදේශ විනිමය ප්‍රමාණය විශාලයි.“

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“ශ්‍රි ලංකාවේ පවතින ප්‍රධානතම මූලික පර්යේෂණ ආයතනයක් වන මහනුවර හන්තානේ පිහිටි මූලික පර්යේෂණ ආයතනයේ පර්යේෂකයන් වසර ගණනාවක් වෙහෙසිලා මෙම බැටරිය නිර්මාණය කළා.

මේ  බැටරි නිෂ්පාදනයට අදාළ පේටන්ට් බලපත්‍ර මූලික අධ්‍යයන ආයතන පර්යේෂකයන් ලබා ගත්තා. ඊළඟ පියවර මෙය වානිජ මට්ටමට ගමන් කිරිමයි.  ඒ සඳහා අවශ්‍ය ව තිබුණේ ඩොලර් මිලියන 300ක පමණ ආයෝජනයක්. මේ ආයෝජනය කළා නම් වාර්ෂිකව ඩොලර් බිලියනයකට වැඩි ආදායමක් උපයා ගැනීමේ හැකියාව තිබුණා. එහි ඉදිරි වැඩ කටයුතු සැලසුම් වෙද්දි හිටපු ජනාධිපතිවරයාට බලයට පත් වීමට සහය දුන්  වියත්මග කියන සංවිධානයේ  පුද්ගලයන් විවිධ තනතුරු අරන් මෙම ව්‍යාපෘතියේ කටයුතු කරගෙන යාමේදී අවහිර කළා. . ඔවුන් අවසානයේ සම්පූර්ණ ව්‍යාපෘතියම ඉදිරියට ගෙන යාමට බාධා කළා.

“ඔවුන් මේ විනාශ කළේ අද අපේ රටට ලොකුම ප්‍රශ්නයක් වෙලා තිබෙන විදේශ සංචිත පුරවන ඩොලර් ඉල්ලමක්. “ යයිද ඔහු පැවසීය.

මේ වගේ දේවල් ශ්‍රි ලංකාව තුළ බොහෝ සිදුවන බවත් රටේ ස්වාභාවික සම්පත් නිසි ලෙස කාර්යක්ෂමතාවෙන් යුතුව ලෝකයේ අවශ්‍යතා අනුව සකසා ගැනීමේ අවස්ථාව උපරිමව පවතිද්දී මෙලස එවැනි අවස්ථා මඟ හැරීම කණගාටුදායක කරුණක් බවත් මහාචාර්ය සෙනෙවීර තවදුරටත් සඳහන් කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහින්දට ආරක්ෂාව දෙන්න පොලිසිය සජබ කාර්යාලය වටලයි!

Next Post

අත්තනෝමතික සහල් ආනයනයෙන් වී ගොවිතැන  වළපල්ලට… කුඩා පරිමාණයේ  සහල් නිශ්පාදකයෝ හෙළි කරති…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.