සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අත්තනෝමතික සහල් ආනයනයෙන් වී ගොවිතැන  වළපල්ලට… කුඩා පරිමාණයේ  සහල් නිශ්පාදකයෝ හෙළි කරති…

වි තිබුණත් ආනයනික සහල් එක්ක තරග කරනන් බෑ... මෝල් සියයට 75ක් වැහිලා...

by editor
ඔක්තෝබර් 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

මේ වනවිට සහල් නිෂ්පාදනය කිරීම සඳහා ප්‍රමාණවත් පරිදි වී තොග තිබුණද ආනයනික සහල් මිල සමග තරග කිරීමට නොහැකි නිසා දේශීය සහල් නිෂ්පාදකයින් 75% කට වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ කර්මාන්ත වසා ඇති බව එක්සත් සහල්  නිෂ්පාදකයින්ගේ සංගමයේ  සභාපති මුදිත් පෙරේරා   පැවසීය. 

ගොවියාත් කර්මාන්ත කරුවාත් වළ පල්ලට යවන වී අර්බුදයට හේතුව රජය අනවශ්‍ය පරිදි විදේශීය රටවලින් සහල් ආනයනය කිරීම   බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

සභාපතිවරයා මේ බව සඳහන් කළේ අද (16) පෙරවරුවේ පොළොන්නරුව සේවාගම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් පවත්වමිනි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

” 2021 ඔක්තෝබර් මාසයේ රජය සහල් ආනයන බද්ද කිලෝවකට සත විසිපහක්   පැනවූ වකවානු තුළ සිට මේ දක්වා අපේ රටට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ හතක් ආනයනය කර තිබෙනවා. රටට සහල් හිඟයක් හෝ වී හිඟයක් නොමැති කාලයක කෘෂිකර්ම ඇමැතිවරයා, වෙළඳ ඇමතිවරයාගේ, අත්තනෝමතික ක්‍රියාකලාපයන් සහ නොසැලකිලිමත් කම නිසා අනවශ්‍ය ලෙස සහල් රටට ආනයනය කර තිබෙනවා.“

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ සියල්ල කොමිස් මුදල් පදනම් කරගෙනයි සිදුවෙන්නේ. 2021 /2022 රසායනික පොහොර තහනම නිසා මහ කන්නයේ වී නිෂ්පාදනය පසුබෑමක්  ඇති වුණා.  රනිල් වික්‍රමසිංහ  ජනාධිපතිවරයා රසායනික පෝර ගෙන්වීමත් සමඟ 2022 යල කන්නයේ යම් සාර්ථකත්වයක් පෙන්නුම් කළා. 2021 / 22 යල කන්නයේ වී අස්වනුවල සියයට 50ක් පසුබෑම් නිසා අපේ රටට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ නවයක් අහිමි වී තිබෙනවා,

“ඒත් සමගම මෙවැනි විට අපේ රටට රජය මගින් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ හතක් ආනයනය කර තිබෙනවා. මේ නිසා අපේ රට තුළ වී සහ සහල් අතිරික්තයක් ඇති වුණා.  “

“රටට අනවශ්‍ය පරිදි සහල් ආනයනය කිරීම නිසා වර්තමානයේ ගැටලු ගොඩක් සිදුවෙලා තිබෙනවා. විශේෂයෙන් සහල් නිෂ්පාදන  කර්මාන්ත සේවකයන්ගේ රැකියා අහිමි වීම සහ ආදායම පහළ බැසීම, සහල් නිෂ්පාදකයින්ට බැංකු ණය ගෙවීමට ඇති අපහසුතාවය, සත්ව ආහාර නිෂ්පාදනය අඩුවීම නිසා පශු සම්පත් කර්මාන්තයට බලපෑම් ඇතිවී තිබීම උදාහරණ. “

“දේශීය සහල් නිෂ්පාදනය කලොත් සාමාන්‍යයෙන් සත්ව ආහාර මෙට්‍රික් ටොන් දාහක් දවසට නිෂ්පාදනය වෙනවා. දැන් ඒ සියල්ල අඩපණ වෙලා. මේ තත්වය  නිසා කුකුල් මස් සහ බිත්තර මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ කර්මාන්තවල නියැලී සිටින සේවකයින්ට යන එන මං නැති වෙලා. “

“මේ තත්ත්වයන් සැලකිල්ලට ගෙන අපි  ජනාධිපතිතුමාගෙන් ඕනෑකමින් ඉල්ලා සිටින්නේ   සහල් ආනයනය නතර කරන ලෙසයි. ඒ වගේම ඒ සහල් ආනයනය කිරීමට යන වියදම කෘෂිකර්මාන්තයේ යෙදවුම් සඳහා ගොවින්ට ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කියලත් අපි ඉල්ලීමක් කරනවා.“

පෙරේරා  සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 පාදාගත් ඩොලර් ඉල්ලමක් වියත්මග  විනාශ  කළ හැටි මුල් පුටුවක සිටි මහාචාර්යවරයෙක් හෙළි කරයි. 

Next Post

ඉම්රාන් ඛාන් පාකිස්ථාන රජයට සහය පලකරන්නන්ට දේශ ද්‍රෝහී ලේබලය අලවයි

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.