පාකිස්තානය විසින් මේවන විට මුහුණ දී ඇති දැඩි ආර්ථික අර්බුදයට මුහුණ දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සහය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් එරට රජය විසින් ඉදිරි ඇයවැය සඳහා විශාල වෙනස්කම් කීපයක්ම සිදුකර ඇත
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියමන්ට අනුව සිය ෆිස්කල් ප්‍රතිපත්ති මෙලෙස වෙනස් කිරීමට පාකිස්තාන රජය පියවරගෙන ඇති බවද අනාවරණය වේ.
“පකිස්තානය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය දින තුන පුරා සවිස්තරාත්මක සාකච්ඡා පැවැත්වූයේ පොරොත්තු සමාලෝචනය සම්පූර්ණ කිරීම සඳහා අවසාන උත්සාහයක් ලෙසයි” යනුවෙන් මුදල් අමාත්‍ය ඉෂාක් ඩාර් පාර්ලිමේන්තුව ඉදිරියේදී පැවසීය.
පාකිස්තානයේ ඉදිරි සංවර්ධන කටයුතු වලට වැය කරන අරමුදල් හෝ රජයේ සේවකයන්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් අඩු නොකර ඉදිරි මුදල් වර්ෂය තුළ තවත් පාකිස්තාන රුපියල් බිලියන 215ක් බදු සහ වියදම් පාකිස්තාන රුපියල් බිලියන 85කින් කපා හැරීම රජයේ අරමුණ බවද ඔහු පැවසීය.
මෙමගින් රජයේ ආදායම් එකතු කිරීමේ ඉලක්කය පාකිස්තාන රුපියල් ට්‍රිලියන 9.415 දක්වා සංශෝධනය වන අතර මුළු වියදම පාකිස්තාන රුපියල් ට්‍රිලියන 14.48ක් වනු ඇතැයි ඔහු පැවසීය.
මේ අතර තවත් වෙනස්කම් කිහිපයක් පාකිස්තානයේ පවතින මූල්‍ය හිඟය වඩාත් යහපත් කරනු ඇතැයි තමන් විශාවස කරන බවද අමාත්‍යවරයා සඳහන් කළ අතර නව බදු ප්‍රතපත්ති පාකිස්ථානයේ දිළඳු ජනතාවට බලපෑමක් එල්ල නොකරන බවද රජය සහතික වන බවද හෙතෙම අවධාරනය කළේය.
පාකිස්තානයේ ජංගම ගිණුමේ හිඟය කපා හැරීම සඳහා දෙසැම්බර් මාසයේදී බලාත්මක කරන ලද ආනයන සීමා කිරීම් ද රජය විසින් මේවන විට ඉවත් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.







