ප්‍රියන්ත කුමාර දියවඩන ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට Rajco Industries හි සේවකයින් 345 දෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා හෙළි නොකළ ස්ථානයකට ගෙන ගොස් පාකිස්ථාන මාධ්‍යය වාර්තා කරයි.
ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවේ පසුවන ප්‍රධාන සැකකරුවන් අට දෙනා අද (09) ගුජ්රන්වාලා ත්‍රස්ත මර්දන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.
ඉන් අනතුරුව අධිකරණය ඔවුන් දින 13කට පොලිස් භාරයට පත් කර ඇත. අධිකරණ නියෝගයට අනුව සැකකරුවන් දෙසැම්බර් 21 වැනිදා යළි අධිකරණයේ පෙනී සිටීමට නියමිතව තිබේ.
CCTV දර්ශන සහ ජංගම දුරකථන ඇමතුම් නිරීක්ෂණ දත්ත ඇසුරෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.







