ප්‍රියන්ත කුමාර සමූහ ඝාතනයේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටීම සියල්කොට් දිස්ත්‍රික් නීතීඥ සංගමය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
එම සංගමය විසින් ඊයේ (08) පැවති රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බව “පාකිස්තාන් ඩේලි“ පුවත්පත වාර්තා කළේය.
මේ අතර පකිස්ථානයේ නීතීඥ සංගමයේ නියෝජිත පිරිසක් පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා හමුවී ශෝකය කර තිබිණි.
තවද, දූත මණ්ඩල ප්‍රධානී, සෙනෙට් සභික සයිඩ් අලි සෆාර් ප්‍රකාශ කළේ අපරාධකරුවන්ට නිසි දඬුවම් ලබා දී යුක්තිය සහතික වන තෙක් නඩුවේ නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට නීතිඥ සංගමය කැපවී සිටින බවය.