කොළඹ මහ නගර සභා සීමාවේ ජීවත්වන වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන් සඳහා කොවිඩ් මර්දන එන්නත් බූස්ටර් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් මාත්‍රාව ලබාදීම හෙට (10) සිට ආරම්භ කරන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ දිනූකා ගුරුගේ පවසයි.
බූස්ටර් එන්නත ලබාගැනීම සඳහා සුදුසුකම් ලැබූ වයස අවුරුදු 30ට වැඩි පිරිස 3,25,000ක් පමණ කොළඹ නගරසභා සීමාව තුළ වෙති.
මේ සඳහා කොවිඩ් මර්දන එන්නත් දෙවැනි මාත්‍රාව ලබාගෙන මාස තුනක් සම්පූර්ණ වූවන්ට කෙටි පණිවුඩයක් මගින් දැනුම්වත් කරන බවත්, ඒ අනුව අදාළ මධ්‍යස්ථානයක් වෙත පැමිණ බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත හැකි බවත් ඇය කියයි.
කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ඔස්සේ ද මෙම එන්නත් මාත්‍රාව ලබාදීමට කටයුතු කරන බව වෛද්‍යවරිය පවසයි.







