දිනසේන රතුගමගේ –
යාපනයේ පලාලි ප්‍රදේශයේ පාසලක වයස අවුරුදු 16 ක ශිෂ්‍යාවක් පාසලට පැමිණෙමින් සිටියදී ඇයව බිය කොට දූෂණය කළ තරුණයෙකු පලාලි පොලීසිය විසින් ඊයේ (11) අත් අඩංගුවට ගෙන තිබේ.
තරුණයා විසින් එම පාසල් ශිෂ්‍යාව දූෂණය කිරීමෙන් පසුව ඇය ඒ බව විදුහල්පතිවරයාට දැනුම් දී ඇත. පසුව විදුහල්පතිවරයා විසින් සිද්ධිය පොලීසියට පැමිණිල්ලක් කොට තිබේ.
ඒ අනුව පොලීසිය විසින් අත් අඩංගුවට ගත් තරුණයාව යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
පොලීසිය විසින් කරණ ලද මූලික පරීක්ෂණ වලදී හෙළි වී අත්තේ එම තරුණයා මෙම ශිෂ්‍යාවගෙන් කාලයක්ම ආදරය ඉල්ලමින් පසු පස පැමිණ ඇතත් ඊට ඇය විරුද්ධ නිසා ඇයව දූෂණය කොට ඇති බවයි.