මේ වනවිට කෝටි දහසකට ආසන්න මුදලක් වංචා කර ඇති බවට සැකපිට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන තිකෝ ගෘෘප් සමූහ ව්‍යාපාරය හිමි තිලිණි ප්‍රියමාලි තමන් සමීපයේ මුදල් තැන්පත් කළ ව්‍යාපාරිකයින්ගේ ඇසුරට නිළියන් සහ නිරූපිකාවන් යොදවා ඔවුන් සමඟ පවත්වන සමීප සම්බන්ධතා වීඩියෝ ගත කර ආයෝජන ප්‍රතිලාභ ඉල්ලා සිටින විට එම දර්ශන ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින් ඔවුන් “බ්ලැක්මේල්“ කර නිහඬකර ස්වකීය ජාවරාම කරගෙන ගොස් ඇතැයි විමර්ශකයින් මේ වනවිට හෙළිදරවු කරගෙන තිබේ.
ඇය මේ සඳහා නිළියන් මෙන්ම නිරූපිකාවන් කිහිප දෙනෙකුද යොදාගෙන තිබෙන ඇති අරත, ඔවුන් අතරින් 6 දෙනෙකු පැහැදිලිව හඳුනා ගැනීමට රහස් පොලිසිය සමත්ව ඇත.
එම හඳුනාගත් පිරිස අතර ඉතාම ජනප්‍රිය නිළියන් දෙදෙනෙක් වන බව විමර්ශන ආරංචි මාර්ග කියයි.
මෙම ව්‍යාපාරිකයන් සමඟ තම පෞද්ගලික ජීවිතය සහ ලිංගික ජීවිතය ගැන කතා කිරීම සහ ඔවුන් ඉතා සමීපව ඇසුරු කිරීම සඳහා මෙම නිළියන් සහ නිරූපිකාවන් වෙත රුපියල් ලක්ෂ 5ත් 100ත් අතර මුදලක් ගෙවා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මේ පසුබිම තුළත් මෙම කාන්තාව සමීපයේ ආයෝජනය කළ වත්කම් ඉපැයීම් පිළිබඳ පැන නැගි ඇති ගැටලුකාරී තත්ත්වයන් තුළත් ඇතැම් ආයෝජකයින් මෙම අවස්ථාවේ දී ඉදිරිපත් නොවන බව ද විමර්ශකයින්ට පෙනී ගොස් ඇත.
මෙම කාන්තාව නිළියන් යොදා ගනිමින් සිදුකළ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වෙනම විමර්ශන කණ්ඩායමක් යොදවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.
ඇය සිය ව්‍යාපාර සමූහයේ ලියාපදිංචි ව්‍යාපාර හයක් ඇති බවට පෙනී සිටියද එම කිසිදු ව්‍යාපාරයක් පවත්වාගෙන නොයන බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. එමෙන්ම ඇය සිය ආක්ෂාව තහවුරු කරගැනීම සඳහා ආරක්ෂක හමුදා සාමාජිකයන් කිහිප දෙනෙකු සමඟ සමීප ඇසුරක් පවත්වා ඇති බවත් අනාවරණය වී ඇත.
ඇයගේ ව්‍යාපාරයේ මුදල් තැන්පත් කිරීම සඳහා ස්වකීය දායක ව්‍යාපාරිකයින්ට උපදෙස් ලබා දුන් බව කියන කඩවත ප්‍රදේශයේ ධ්‍යාන ලාභී යැයි කියාගන්නා හිමිනමකගෙන් විශේෂ ප්‍රකශයක් සටහන් කරගැනීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට කටයුතු කර තිබේ.
මෙම හිමියන් උක්ත ව්‍යාපාරිකයන්ව සැකකාරිය වෙත හඳුන්වා දී ඇත්තේ ඇයගෙන් සාධාරණ මිලට රත්තරන් ලබා ගැනීමට හැකි බව පවසමිනි.
එමෙන්ම තිලිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සම්බන්ධයෙන් ලැබෙන සියලුම පැමිණිලි පිළිබඳවද විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.







