ඊශ්‍රායලයට ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාරයකට දින ගණනකට පෙර එම ප්‍රහාරය පිළිබඳ පුළුල් දැනුම්දීමක් කළ බව තුර්කි, ජෝර්දාන සහ ඉරාක නිලධාරීන් ඊයේ ( 14) ප්‍රකාශ කළත් ඇමරිකාව ඒ ප්‍රකාශය ප්‍රතික්ෂේප කර තිබුණේය.
ඇමරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කළේ ටෙහෙරානය වොෂින්ටනයට අනතුරු ඇඟවීමක් නොකළ බවය. එමෙන්ම ඉරානය විසින් සිදුකළ ප්‍රහාරය සැලකිය යුතු හානියක් සිදු කිරීමට ඉලක්ක කරගෙන තිබුණු බවය.
සිරියාවේ සිය තානාපති කාර්යාල පරිශ්‍රයට ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල කළ බවට සැකය මත ඉරානය ඊශ්‍රයාලයට ඩ්‍රෝන සහ මිසයිල් සිය ගණනක ප්‍රතිප්‍රහාරයක් 13 දා දියත් කළේය.
බොහෝ ඩ්‍රෝන යානා සහ මිසයිල ඊශ්‍රායල භූමියට ළඟා වීමට පෙර බිම හෙළන ලද නමුත් එම ප්‍රහාරයෙන් තරුණ ගැහැණු ළමයෙකු බරපතල ලෙස තුවාල ලබා තිබිණි. මෙම ප්‍රහාරයත් සමග තත්ත්වය තවදුරටත් උත්සන්න වීම පිළිබඳ ලෝකය පුරා පුළුල් තැතිගැන්මක් ඇති විය.
ඉරාන විදේශ අමාත්‍ය Hossein Amirabdullahian ඉරිදා කියා සිටියේ ඉරානය අසල්වැසි රටවලට සහ ඊශ්‍රායලයේ මිත්‍ර රාජ්‍ය වන එක්සත් ජනපදයට ප්‍රහාර දියත් කරන බවට පැය 72ක දැනුම්දීමක් ලබා දුන් බවය.
ප්‍රහාරයට පෙර තමන් වොෂින්ටනයට සහ ටෙහෙරානයට කතා කළ බවත්, ප්‍රතික්‍රියා සමානුපාතික බව සහතික කර ගැනීම සඳහා අතරමැදියෙකු ලෙස පණිවිඩ යැවූ බවත් තුර්කි විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
“ඉරානය කියා සිටියේ මෙම ප්‍රතික්‍රියාව ඊශ්‍රායලය දමස්කස් හි පිහිටි සිය තානාපති කාර්යාලයට එල්ල කරන ප්‍රහාරයට ප්‍රතිචාරයක් වනු ඇති බවය. ප්‍රහාරය එය ඉන් ඔබ්බට නොයන බවත් ඔහු කීවේය. අපි තත්ත්වයන් ඇතිවීමට ඇති හැකියාව ගැන දැන සිටියා. මේ සිද්ධියෙන් පසු වර්ධනයන් සිදුවුවත් එය පුදුමයක් නොවේ…” තුර්කි රාජ්‍යතාන්ත්‍රික මූලාශ්‍රයක් උපුටා දක්වමින් රොයිටර් පවසයි.
මේ තුර්කි ප්‍රකාශය ජෝ බයිඩන්ගේ පරිපාලන නිලධාරියෙක් විසින් ප්‍රතික්ෂේප කර තිබුණේ ස්විස්ටර්ලන්ත අතරමැදියන් හරහා තමන් ඉරානය සමග සම්බන්ධතා පැවැත්වූ නමුත් පැය 72කට පෙර ප්‍රහාරය පිළිබඳ අනතුරු ඇඟවීම් සිදු නොවුන බවය.
“එය කිසිසේත්ම සත්‍යයක් නොවේ. “ ඇමරිකානු නිලධාරියා රොයිටර් වෙත පවසා ඇත.
“ඔවුන් ප්‍රහාරය සම්බන්ධව දැනුම් දීමක් තබා කිසිම ඇඟවීමක්වත් සිදුකළේ නෑ. මේ සම්බන්ධව ඔවුන් ඇමරිකාව දැනුම්වත් කළේ ප්‍රහාරය ආරම්භ කළ පසුයි. …” ඇමරිකානු නිලධාරියා කීවේය.
එක්සත් ජනපදය කිසිදු ඊශ්‍රායල ප්‍රතිප්‍රහාරයකට සම්බන්ධ නොවන බව Biden ඊශ්‍රායලයට පවසා ඇති බව එක්සත් ජනපද නිලධාරියා දන්වා ඇත.
කෙසේ වෙතත් ඉරානයෙන් එල්ල විය හැකි අනිවාර්ය ප්‍රහාරයක් ගැන ඇමරිකානු ජනාධිපතිවරයා දින දෙකකට පෙර අනතුරු ඇඟවූයේය. එම ප්‍රහාරය එල්ල නොකරන ලෙස ඉරානයට පැවසුවේය.
ප්‍රහාරයට නියමිත දිනය පිළිබඳව කටාර්, තුර්කිය සහ ස්විට්සර්ලන්තය ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නාලිකා හරහා ඉරානය එක්සත් ජනපදයට දන්වා ඇති බවත් ප්‍රතිචාරයක් අවුලුවාලීම වැළැක්වීම සඳහා එය සිදු කළ බවත් ඉරාන මූලාශ්‍රයක් විස්තර කළ අකාරය රොයිටර් වාර්තා කර ඇත.
කෙසේ වෙතත්, ඊශ්‍රායලය තවමත් එහි ප්‍රතිචාරය කිරා මැන බලමින් සිටින අතර “අපට ගැලපෙන විලාසිතාවට සහ ගැලපෙන වේලාව අනුව ඉරානයට ගෙවිය යුතු මිල නියම කරනු ඇත”, ඊශ්‍රායල අමාත්‍ය Benny Gantz ඊයේ කියා තිබිණි.