ලලිත් චාමින්ද –
ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් සඳහා අමාත්‍ය මණ්ඩල තීරණයට පටහැනිව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරණ ලද දිමනා ලැයිස්තුවට අතුළත් කර නොතිබු ඉංජිනේරු දිමනා, දිරිදිමනා, තාවකාලික දිමනා, සුදුසුකම් පදනම් කරගත් දිමනා ඇතුළු නොයෙකුත් වර්ගයේ දිමනා සඳහා 2022 වර්ෂයේ රුපියල් මිලියන 417.65 ක මුදලක් වැයකොට ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
එමෙන්ම ඕ.එච්. සහ එස් දිරිදිමනාව, කාර්ය මණ්ඩල, සම්ප්‍රේෂණ සහ ජනන සැලසුම්, පද්ධති පාලන, දෙමළ භාෂා වෙනත් දිමනා මණ්ඩලයේ අදාල සේවකයින් සඳහා ගෙවා තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
එමෙන්ම 2022 වර්ෂයේ ජුනි මාසය සඳහා පමණක් වෘත්තිය දීමනාවට හිමිකම් කියන නිලධාරින් 487 දෙනෙකුට රඳවා ගැනිමේ දිමනාව ලෙස රුපියල් මිලියන 11.99ක මුදලක් ගෙවා තිබුණි.
එමෙන්ම නිලධාරින් 136 දෙනෙකු සදහා දිමනා වශයෙන් 2022 වර්ෂයේ ජුනි මාසය සඳහා පමණක් එම නිලධාරින්ගේ වැටුපෙන් සියයට 65ක් ඉක්මවා රුපියල් මිලියන 3.65ක මුදලක්ගෙවා තිබුණි.
එමෙන්ම අමාත්‍ය මණ්ඩලයේ තීරණයට පටහැනිව 2008 අප්‍රෙල් මස 01 වැනි දිනෙන් පසුව බඳවාගනු ලබන සේවකයින් සඳහා කාර්යසාධන පදනම්කරගත් දිරි දිමනා ක්‍රමයක් හඳුන්වාදීම වෙනුවට අනුමත දීමනා වර්ග 25ක් ගෙවනු ලබන බවද විගණය මගින් අනාවරණය කොට ඇත.
මේ සම්බන්දයෙන් විදුලිබල මණ්ඩලයේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ 2022 ජුලිමස 27 වැනිදින සිට ක්‍රියාත්මක වන පරිදි කාර්ය මණ්ඩල දීමනා වැටුපෙන් සියයට 65කට සිමා කිරීමට මණ්ඩලය විසින් තින්දුකොට එයට අදාල චක්‍ර ලේඛයක් නිකුත්කොට ඇති බවය.