නැගෙනහිර පළාතේ සිදුකරන සාහසික ඉඩම් කොල්ලයක වින්දිතයෙක් තමන්ගේ සින්නකර ඉඩමක් කොල්ලකෑමේ අපරාධයක් සම්බන්ධව සියලුම සාධකත් සමග හඬ පටයක් හරහා හෙළිදරවු කර තිබේ.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ දෙමළ ව්‍යාපාරිකයෙක්වන මෙම පුද්ගලයාට වාකරේ මාන්කර්නිවල අක්කර 14ක සින්නක්කර ඉඩමක් තිබී ඇත. මෙම ඉඩම බැලීමට යෑමේ දී මුලු ඉඩමම පුද්ගලයින් කණ්ඩායමක් විසින් කම්බි ගසා වටකරගෙන තිබේ.
සොයාගෙන යද්දී මෙම බලහත්කාර අත්පත් කරගැනීම සිදුකර ඇත්තේ නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන්ගේ පුද්ගලික ලේකම්වරුන් යැයි කියාගන්නා පුද්ගලයින් දෙදෙනෙක් විසින් යැයි තමන් හඳුනා ගත් බවත්, ඉන් අනතුරුව තමන් තම ඉඩමට අදාල ඔප්පු ඇතුළු ලියැවිලි එම පුද්ගලයින්ට පෙන්වා සිටි බවත් වින්දිත ව්‍යාපාරිකයා පවසයි.
ඔහු කියන්නේ තමන්ගේ සින්නක්කර ඉඩම ඔවුන්ගෙන් නිදහස් කරගැනීමට ඔවුන්ට ලක්ෂ 50ක කප්පමක් ඉල්ලා සිටින බවය.
මේ සම්බන්ධව වාකරේ ප්‍රාදේශීය ලේකම්වරයාට සහ මඩකලපුව දිසාපතිවරයාට පැමිණිලි කළ පසු ඔවුන් අයිතිය තහවුරු කිරීම සඳහා ඔප්පුවලට අමතරව ප්‍රාදේශීය ඉඩම් කොමසාරිස්ගෙන් තහවුරුවක් ඉල්ලා ඇත.
වින්දිත ව්‍යාපාරිකයා විසින් ප්‍රාදේශීය ඉඩම් කොමසාරිස්වෙත මේ සම්බන්ධව පැමිණිළි කළ පසු ඔහු වින්දිත පුද්ගලයාගේ ඉඩම් අයිතිය තහවුරු කර ඔහුට එම ඉඩම නිදහස් කරන ලෙස දන්වා ප්‍රාදේශීය ලේකම්වරයාට සහ දිසාපතිවරයාට ලිඛිතව දන්වා තිබියදීත් මෙම පුද්ගලයින් බලහත්කාරයෙන් කප්පම් ඉල්ලමින් සිටින බව ද ඔහු ප්‍රකාශ කර ඇත.
මේ ආකාරයෙන් දේශපාලන බලය සහිතව නැගෙනහිර ප්‍රදේශය තුළ ස්ථාන ගණනාවක රජයේ ඉඩම් සහ පුද්ගලික ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන කරන ජඩ ජාවාරමක් ගැන ඊරෝස් නායක ආර්. ප්‍රභා විසින් සාක්ෂි සාධක සහිතව මින් පෙර හෙළි කර තිබිණි. ප්‍රභා පවසන්නේ මේ නින්දිත ඉඩම් කොල්ලය පසුපස ඉන්නේ නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දීල් තොණ්ඩමන් බවය.