අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රසන්න රණතුංග ඇමතිවරයා පාර්ලිමේන්තුවත් දූෂණය කරන බියගුළු ප්‍රකාශකයෙක් – කතෝලික සභාව

මැයි 09 ප්‍රහාරයත් පාස්කු ප්‍රහාරය වගේමයි... අපරාධය කතෝලික සභාව මත පටවන්න හැදූ ප්‍රසන්නට කතෝලික සභාව උත්තර දෙයි!

by editor
ජූනි 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු  –

මැයි 09 අපරාධය පාස්කු ප්‍රහාරය සේම සියලු තොරතුරු දැනගෙන සිදුවන්නට ඉඩහැරිය අපරාධයක් බවත්, මැයි 09 දා රාත්‍රියේ  සිදුවූයේ කුමක් දැයි විශ්වාසනීය, ස්වාධීන පරීක්ෂණයක් පවත්වා වරදකරුවන් හෙළිදරව් කරගැනීමට කිසිම උත්සාහයක් නොගෙන එම වරද අගදරදගුරු හිමිපාණන් සහ කතෝලික සභාව මත පැටවීමට උත්සාහ කරන ප්‍රසන්න රණතුංග ඇමතිවරයා පාර්ලිමේන්තුවත් දූෂණය කරන බියගුල්ලෙක් බවත් කතෝලික සභාව අද ප්‍රකාශ කළේය.

මැයි 09 අපරාධය කිරීම සඳහා ජනතාව කුළුගැන්වීමේ සාහසික ක්‍රියාවලිය පසුපස කාදිනල්තුමන් සහ කතෝලික සභාව සිටින බවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග  අද  (10) උදේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට පිළිතුරු සපයමින් බොරැල්ල අගරදගුරු මැදුරේ පැවති විශේෂ මාධ්‍යසාකච්ඡාවක දී කතෝලික සභාව වෙනුවෙන් සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා  මේ වග කීවේය.

සිරිල් ගාමිණී පියතුමා වැඩිදුරටත් කීවේ ඉතිහාසය පුරාම සාමය, සංහිඳියාව වෙනුවෙන් පෙනීසිටි කතෝලික සභාවට මේ චෝදනා කරන්නේ    මේ රටේ ජනකොටස් ආගමික ලෙසත් ජාතීන් ලෙසත් කොටවමින් , ඉන් දේශපාලන වාසි ලබා ගන්නා අතරම    ප්‍රචන්ඩත්වයේත්  ඝාතනයේත්  දේශපාලන සංස්කෘතියක් පවත්වාගෙන යන දේශපාලන ප්‍රවාහයක ඇමතිවරයෙක් බවය.

එහිදී  සිරිල් ගාමිණි පියතුමෝ  මෙසේද පැවසූහ.

“ ප්‍රසන්න රණතුංග  ඇමතිවරයා  අද පාර්ලිමේන්තුවෙ දි  ප්‍රකාශයක් කරලා කියනවා පහුගිය මැයි 09 සිදුවෙච්ච ප්‍රචන්ඩකාරී ක්‍රියාවන් කරන්න පෙළඹෙව්වේ  කාදිනල් තුමා ප්‍රමුඛ පූජා ප්‍රසාදී තුමන්ලා කියලා.   .

පළමුවෙන්ම මේ චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

කතෝලික සභාව ලෙස කාදිනල් තුමා ලෙස අපි හැම වෙලාවෙම ක්‍රියා කරලා තියෙන්නෙ කැපවෙලා තිබෙන්නේ  ගැටුම්කාරී තත්ත්වයන් ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් සමනය කරන්න.“

“පාස්කු ප්‍රහාරයෙන් පස්සේ එම ප්‍රහාරයට වඩා සිය දහස් ගුණයක විනාශයකින් කෙළවර වෙන්න ගිය   ජාතිවාදී ආගම්වාදී විනාශයන් කලහකාරි ක්‍රියාවන්  ප්‍රචණ්ඩත්වය සහමුලින්ම නැතිවුනේ    කාදිනල් හිමිපාණන්ගේ ක්‍රියාකලාපය නිසා. ඒ  වගේම කතෝලික පියතුමන්ලා ඒ ඒ ප්‍රදේශවල දි තමන්ගෙ ජනතාව සන්සුන් කරපු නිසා.   ඒ නිසා කතෝලික සභාව  තමන්ට එල්ල වුනු මේ මහා විනාශය වෙලාවෙදිත් ක්‍රියා කළේ වෛරය ඉස්සරහට දාගෙන නෙමෙයි. සාමය සමගිය සංහිඳියාව කියන උතුම් ගුණාංග ඉස්සරහා තියාගෙන.

ඔවුන් තවමත් ඉන්නේ ප්‍රචණ්ඩත්වයේ සංස්කෘතිය තුළ

නමුත් අපි දකිනවා අවුරුදු ගානක සිට  ප්‍රචන්ඩත්වයේ ඝාතනයේ දේශපාලන සංස්කෘතියක් මේ රට තුළ ක්‍රියාත්මක වෙනවා. ජාතීන් ආගම් ලෙස එකිනොක කොටවමින් බලය ආරක්ෂා කරගැනීමේ සංස්කෘතියක් ක්‍රියාත්මක වෙනවා.

ප්‍රසන්න රණතුංග ඇමතිවරයාගේ මේ ප්‍රකාශයෙන් අපට පෙනෙන්නේ  මේ සංස්කෘතිය නිමා කරන්න තවමත් මේ දේශපාලන නායකයන්ට අවශ්‍යතාවයක් නැති බවයි. මේ ආගම් වාදය ජාති වාදය ඇවිස්සීමේ ක්‍රියාමාර්ගයෙන් මිදෙන්නට තාමත් මේ දේශපාලකයින්ට හැකි වෙලා නැති බවයි. ඒ සංස්කෘතිය වර්ධනය කරන්න දායකවන දේවල් තවමත්  සිදුවෙමින් පවතිනවා. සිදුකරමින් පවතිනවා.

අපි  කරන්න  ඕන තව තවත් ප්‍රශ්න ඇති කිරිම නෙමෙයි.  මේ රටේ තියන ප්‍රශ්න හොඳටම ඇති. මිනිස්සු කන්න නැතිව ඉද්දි , මිනිස්සු මහා ආර්ථික ව්‍යසනයට මුහුණ දී  වේදනාවෙන්  අමාරුවෙන් ජීවිතය රැක ගන්න පොරබදද්දි  මේ විදිහෙ තේරුමක් නැති මොඩ ක්‍රියාවන්   දේශපාලකයින්  කරනවා නම්  ඔවුන් තව දුරටත් ඉන්නේ අප කිව්ව  මේ ප්‍රචණ්ඩත්වයේ  ඝාතන සංස්කෘතිය තුළ.

මැයි 09 දා සිද්ධිය

දැන් මැයි 09 දා ප්‍රචණ්ඩත්වය ඇරඹුනේ කොහන් ද?.  ඒක ආරම්භ වෙන්නෙ ගාලුමුවදොර පිටියෙ සාමකාමී අරගලයට පහර දීමෙන්. ඒ පහර දීම සිද්ධවෙන්නෙ අරලියගහ මන්දිරයේ සිට පැමිණි ඇමතිවරුන් මන්ත්‍රීවරුන්  සහ මේ රජයේ අනුගාමිකයින් පිරිසක් අතින්.

මේ  මාසයක් පුරා සාමකාමීව අරගලයේ යෙදුන මේ තරුණයින්ට පහරදීම ම්ලෙච්ඡ ක්‍රියාවක්. සෑම දේම ආරම්භ වන්නෙ එතැනින්.

දැන් අප අහනවා  මේ සිද්ධිය සිදුවන්නට පෙර මේ රටේ බුද්ධි අංශය මෙවන් දෙයක් සිදුවේවි යැයි දැනගෙන සිටියෙ නැද්ද?.   බුද්ධි අංශ වාර්තා කළේ නැද්ද  අදාල බලධාරින්ට මේ විදිහෙ මහා ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදුවෙන් පුලුවන් කියලා.  පොලිස්පති තුමා ඇතුළු නිලධාරීන් මේ ගැන දැනගෙන හිටියෙම නැද්ද?

ඇත්තටම ගෝල්ෆේස් තරුණයින්ට පහර දීම වළක්වා ගන්න ඕන තරම් අවස්ථාව තිබුණා. ඒ වළක්වා නොගත්තේ ඇයි. ඒ වළක්වා නොගැනීම පසුපස ඉන්නෙ කවුද? මේ විනාශකාරී ක්‍රියාවල ආරම්භය එතැන. මේ විනාශය වළක්වා ගැනීමට ඉඩ තිබෙද්දීත් වළක්වා නොගැනීමයි එහි මූලාරම්භය.

සංවිධානාත්මක අපරාධයක් නම් ඒ ගැන බුද්ධි අංශ දැනගෙන හිටියෙ නැද්ද

ඒ වගේම අපට ඇහුණා හුඟක් රජයේ ඇමතිවරු කියනවා මැයි 09 රාත්‍රියේ සිදුවෙච්චි  මිනිස් ඝාතන, වෙඩි තැබීම්, ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්,    සිදුවුනේ සංවිධානාත්මක  පිරිසක් අතින්කි යලා.     මෙය  සංවිධානය කරලා සිදුකරපු අපරාධයක්  නම් එය  මේ රටේ බුද්ධි අංශ දැනගෙන හිටියෙ නැද්ද?.    දැනගෙන හිටියා නම් ඒ තොරතුරු  පොලිසියට, රජයේ මැති ඇමතිවරුන්ට දැනුම් දුන්නෙ නැද්ද?. එහෙම දැනුම් දුන්නා නම් පොලිසියත් හමුදාවත් මේ මහා විනාශකාරී ක්‍රියාවන්, ඝාතනයන් වළක්වා ගන්නට උත්සාහ නොකළෙ  ඇයි?. වරද තියෙන්නෙ  බුද්ධි අංශවල ද, හමුදාවෙද. පොලිසියෙද. නැතිනම් ආරක්ෂක අංශවලට තමන්ගේ රාජකාරිය ස්වාධීනව නිදහස්ව ඉටු කරන්නට බාධා කළ කවුරුහරි හිටිය ද?

ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කියන ප්‍රචණ්ඩත්වය ඇවිලීම කියන කාරණය තේරුම් ගන්න මේ කියන කාරණා ඉතාම වැදගත්.

මේ විනාශකාරී සංස්කෘතිය ඇතුළෙ ගොඩක් ව්‍යසන වෙලා තියනවා. ඒ ඝාතනවලට වගකිවයුත්තන් සොයා ගන්න බැරිවෙලා තියනවා. නීතිය ක්‍රියාත්මක නොකළ  අවස්ථා ගොඩක් තියනවා. ප්‍රදීප් එක්නැලිගොඩ ඝාතනය, තාජුඩීන් ඝාතනය, වගේම අහිංසක මිනිසුන්  270ක් ම්ලේචඡ ලෙස ඝාතනය කළ බෝම්බ ප්‍රහාර මාලාවට වගකිව යුත්තේ කවුද කියලා තවම සොයාගෙන නෑ.  පාස්කු ප්‍රහාරය  පසුපස සිටියේ කවුද, එම ඝාතන  වළක්වා ගත හැකිව තිබිය දී තොරතුරු  පැහැදිලිව තිබෙද්දි  ම්ලේච්ඡ ඝාතන වළක්වා ගැනීමට කටයුතු නොකළෙ කවුද? කියන ප්‍රශ්නය තවමත් නොවිසඳී තියනවා.

පාස්කු ප්‍රහාර මාලාවෙන් පසු  දිගන ඇතුළු ප්‍රදේශ රැසක සිදුවුන විනාශකාරී ක්‍රියාවන්ට වගකිවයුත්තන්, බොරැල්ලෙ සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ අත්බෝමබය තැබූ සැබෑ පුද්ගලයින් තවම හෙළිදරවු වී නැහැ.

මේ වගේ      සිද්ධි මාලාවක් තමන්ගෙ දේශපාලන සංස්කෘතිය ඇතුළෙ තියාගෙන තමයි රජයේ ඇමතිවරයෙක් කියන්නෙ   මැයි 09  සිද්ධියට මිනිස්සු ඇවිස්සුවේ කාදිනල් හිමිපානන් හා කතෝලික සභාවෙ පියතුමන්ලා කියලා.

බියගුලු ක්‍රියාව

මාසයක් ගියත්  මැයි 09 සිදුවීම් මාලාව පිටුපස සිටින්නෙ කවුද  කියන දේ සීඅයිඩී එකට හෝ බුද්ධි අංශයට නිශ්චිතව සොයාගන්න බැරිවෙලා තියනවා.

ඒ සම්බන්ධව  සාධාරණව, විනිවිද  භාවයකින් යුතුව  ස්වාධින පරීක්ෂණ  කරන්නෙ නැතිව   අමාත්‍යවරයෙක් ඇවිත් තවත් කෙනෙක් පිට ඒ අපරාධය  දාන්න උත්සාහ කරනවා. මෙය  ඉතාම බියගුලු ක්‍රියාවක් . මෙය සාධාරණ සමාජයක් ඇතුළෙ ජීවත්වෙන ශිෂ්ඨ සම්පන්න කෙනෙකුට පිළිගන්න පුලුවන් දෙයක් නෙමෙයි.

ඒ නිසා අපි කියන්නෙ මේක අපි සහමුලින්ම ප්‍රතික්ෂේප කරනවා.  මේ හැම දෙයක්ම සොයාගන්න බැරි දේවල් නොවෙයි.   පොලිසියටත් බුද්ධි අංශවලටත් ඉඩකඩ සපයනවා නම් නීතිපතිවරයා ස්වාධීනව කටයුතු කරනවා නම් මෙහි සත්‍යතාවය සොයාගන්න අපහසු නැහැ.

ඒ නිසා රජයටත් ප්‍රසන්න රණතුංග ඇමතිවරයාටත් කියන්නෙ මේ විදිහෙ බියගුළු ක්‍රියාවන් කරන්නෙ නැතිව  මේ විදිහෙ තේරුමක් නැති ප්‍රකාශ කරන්නෙ නැතිව පාර්ලිමේන්තුව වැනි  උත්තරීතර ආයතනයක් දූෂණය කරන්නෙ නැතිව නියම චූදිතයන් කවුද, අපරාධකරුවන් කවුද කියලා  සොයා ගන්න කියන එක. එය සොයාගන්න ඕන.  මොකද මේ ම්ලේච්ඡ ප්‍රචණ්ඩ  දේශපාලන සංස්කෘතිය අතුගා දමන්න අපි පෙනී සිටිනවා. ඒ වෙනුවෙන් කැප වෙනවා.

ඒ නිසා අපි රජයටත් ප්‍රසන්න රණතුංග ඇමතිටත් කියන්නෙ පොලිසියට සීඅයිඩී එකට ඉඩ දෙන්න දේශපාලන අතපෙවීම් කරන්නෙ නැතිව   ස්වාධීනව මේ පරීක්ෂණ කරන්න.

එකිනෙකාට අවියත් ලෙස චෝදනා කරන්නෙ නැතිව  ඒ අපරාධකරුවන්  අධිකරණයට ගෙනත්  දඬුවම් දීම සඳහා නීතියේ වැඩ පිළිවෙළ දියත්කරන්න.

පාස්කු ප්‍රහාරය වගේමයි

අවසාන වශයෙන් අපට කියන්න තියෙන්නෙ මැයි 09 සිද්ධි මාලාව හරියට පාස්කු ඉරිදා සිද්ධි මාලාව වගේම තමයි.  අපි විශ්වාස කරනවා මැයි මාසෙ 09 දා සිද්ධ වෙච්චි සියලුම ප්‍රචණ්ඩකාරී සහ විනාශකාරී ක්‍රියාවන් සිදුවෙන්නට පුලුවන් කියලා   බුද්ධි තොරතුරු  තිබුණු බවට.       ඒ පිළිබඳව දැනගෙන  ඒ අපරාධය වෙන්න ඇරය බවට.    ඊට පස්සේ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා වගේ අය උත්සාහ කරනවා  ඒ මතින් ආගමික ප්‍රශ්න ඇති කරලා තව පාරක් මේ රට ගිනි තියන්න.

මම හිතන්නෙ නෑ තවත් වරක් අපේ රටේ ජනතාව එහෙම රවට්ටන්න පුලුවන් වේවි කියලා. ඒ නිසා අපි    කියන්නෙ ඔය උත්සාහය සාර්ථක උත්සාහයක් නොවෙයි.

කරුණාකරලා මේ වගේ අමාත්‍යවරුන් කරන ප්‍රකාශ ගැන ඉතාම පරීක්ෂාකාරීව සිටින්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

ජූනි 13 පාසල් නිවාඩුයි…

Next Post

ප්‍රතික්ෂේපිත ණය අයදුම්පත් ගණන ඉහළට!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.