ශ්‍රියානි විජේසිංහ –
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍ය වාට්ටුවේ අංක 07 හි රෝගියෙකු සෙෆ්ටාසිඩීම් (inj.ceftazidime) එන්නත අසාත්මික වීම නිසා මියගොස් ඇතැයි රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
මෙම එන්නත ශරීරයේ විවිධ කොටස්වල බැක්ටීරියා ආසාදන වලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ප්‍රතිජීවක ඖෂධයකි.
ඊයේ (11) මෙම එන්නත ලබා දීමෙන් පසු මිනිත්තු 05කින් අනතුරුව රෝගියා ඇදවැටී මියගොස් ඇති බව මේ පිළිබඳව කළ විමසීමේ දී රෝහල් ආරංචි මාර්ග කීවේය.
ඖෂධ අසාත්මික වීමක දි කටයුතු කරන ආකාරය සම්බන්ධව මේ දිනවල රෝහල් තුළ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වුවද එම හදිසි ප්‍රතිකාර ඒකකයට අදාල රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී තිබේ.
මිය ගිය රෝගියාට එම ප්‍රතිජීවක එන්නතෙහිම මාත්‍රා දහයක් ලබා දී ඇති නමුත් , සංකූලතා වාර්තාවී ඇත්තේ එකොලොස්වන මාත්‍රාව ලබා දීමේදීය.
මේ වනවිට රෝහල් අධ්‍යක්ෂවරයාගේ උපදෙස් පරිදි අදාල ප්‍රතිජීවක ඖෂධයේ රෝගියාට අසාත්මික වූ එන්නත් කාණ්ඩය වෙනත් රෝගීන්ට ලබා දීම තාවකාලිකව අත්හිටුවා තිබේ.