බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බොරළුකන්ද රජ මහා විහාරය සම්බන්ධව තොණ්ඩමන් ගේ සහ සම්පන්දන්ගේ නියෝගයට එරෙහිව නැගෙනහිර හිමිවරු මගට බසිති!

මේ වනවිට හින්දු කෝවිල් 53ක් ත්‍රී කුණාමලය නගරය කේන්ද්‍ර කරන් අලුතින් හැදමින්එ ඉන්නවා... එක බෞද්ධයෙක් විරුද්ධ වුනේ නෑ... හිමිවරු කියති

by editor
අගෝස්තු 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ත්‍රී කුණාමලය සමන් මල්ලවආරච්චි –

ත්‍රිකුණාමලය නිලාවේලි පාරේ ඉලුප්පුකුලම්හි පිහිටි බොරලු කන්ද රජමහා විහාරයේ සංවර්ධන කටයුතු සහ පන්සල් වත්ත සුද්ධ පවිත්‍ර කිරීම වහාම නවත්වන ලෙස දන්වමින්    ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් ගේ සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  ආර්.සම්පනදන්ගේ වාචික නියෝග පරිදි  නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් කළ ලිඛිත දැන්වීමට විරෝධය දක්වා  නැහෙගනහිර පළාතේ  මහා සංඝරත්නය අද මහ පාරට බැස්සහ.

ප්‍රාදේශීය ලේකම්වරයාගේ ලිඛිත නියෝගය…

බොරලුකන්ද පූජාභූමියට වැඩම කළ මහ සංඝරත්නය ප්‍රථමයෙන් රෝපණය කර ඇති බෝ අංකුරය අභියස ආගමික වතාවත් පැවැත්විමෙන් පසු එහි සත්‍යක්‍රියාව යෙදුනහ.

අනතුරුව මාර්ගයට පැමිණි  ත්‍රිකුණාමලය ප්‍රාදේශිය ශාසනාරක්ෂක බල මණ්ඩලය නියෝජනය කරන මහ සංඝරත්නය තිස් නමකට ආසන්න පිරිසක් ත්‍රිකුණාමලය පුල්මුඩේ මාර්ගයේ එක් මන්තීරුවක් වසා විරෝධතාවයක් ආරම්භ කළහ.

රථවාහන පොලිසිය මැදිහත් වී ගමනාගමන කටයුතු සඳහා එක් මංතීරුවක් භාවිතා කිරීමට ඉඩ සකස්කර දුන්හ.

සත්‍යක්‍රියාව පවත්වන ආකාරය….

විරෝධතාවය  අතර  අදහස් දැක්වු හිමිවරුන් පැවසුවේ මේ වනවිට ත්‍රී කුණාමලය නගරය කේන්ද්‍ර කරගෙන  හින්දු ආගමික ස්ථාන 53ක්  අලුතින් ගොඩනැගෙමින් ඇති බවය. කිසිම බෞද්ධයෙක් මේ ඉදිකිරීම්වලට විරුද්ධ නොවූ බවත්,    ශ්‍රද්ධාපුර සිංහල ගම්මානය මැද දෙමළ කොවිලක් ඉදිවීම සිංහල බෞද්ධයන්ට ප්‍රශ්නයක් නොවූ බවත්ය. ආගමික මධ්‍යස්ථානයකින් සිද්ධ වන්නේ මිනුසුන් අධ්‍යාත්මිකව දියුණු කිරීම නම් කොපමණ ආගමික මධ්‍යස්ථාන පිරිසක් ඉදි වුවද එය ප්‍රශ්නයක් ලෙස සිංහල බෞද්ධයින් නොසලකන බවය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ඒ තත්ත්වය තුළ ආණ්ඩුකාාරවරයා සහ සම්පන්දන් මන්ත්‍රීවරයා ප්‍රාදේශීය ලේකම් හරහා මේ එවන නියෝගය සාධාරණ නොවන බවත් මේ  ඓතිහාසික විල්ගම් විහාරය කේන්ද්‍රකොට ඉදිවූ  අනුරාධපුර යුගයට අයත් පරිවාර පූජාභූමි 4න් එකක් බවත්, එම පුරාණ විහාරය බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති බවත් උන්වහන්සේලා පැවසූහ.

මොරවැව මහ දිවුල්වැව ශ්‍රි ඉන්ද්‍රාරාමාධිපති  පොල්හේන්ගොඩ උපරතන  හිමියන් පැවසුවේ  බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි වූ මෙම පූජා භිමියේ පන්සලක් හැදෙනවාට  සිවිල් දෙමළ හා මුස්ලිම් වැසියන් විරුද්ධ නැති බවය. මේ පන්සලේ දායකයන් ලෙස ද මේ ජනතාව කටයුතු කරන බව උන්වහන්සේ කීහ.

මේ ජාතිවාදී ආණ්ඩුකාරවරයා මෙවැනි වටපිටාවක මහා සංඝරත්නය පාරට ඇද දැමුවා නම් 13 වැනි සංශෝධනයේ බලතල පළාත් සභාවට දුන්නා නම් පන්සලක මල් පහන් පූජා කරන්නත් ඔහුගෙන් අවසර ගැනීමට සිදුවනු ඇති බව නා හිමියෝ පැවසූහ.

බොරළුකන්ද  විහාරාධිකාරී ත්‍රීකුණාමලය සුඛිතවන්සතිස්ස හිමියො දෙමළ භාෂාවෙන් කතා කර පැවසුවේ තමන් වහන්සේ මේ පන්සලට වැඩම කර සිටින්නේ ජාතීන් බිඳවන්න නොව, ජාතීන් අතර සංහිඳියාව ගෙඩනැගීමට බවය.

කෙසේ වෙතත් පන්සලේ සිට පා ගමනින් වඩින හිමිවරුන්ට එක් ස්ථානය සිටි දෙමළ ජාතිකයෙක් එම මාර්ගය තමන් විසින් හදාගත් එකක් බැවින් එය භාවිතා නොකරන ලෙස දන්වීමත් සමග උනුසුම් තත්ත්වයක් ඇති විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රතිජීවක එන්නතක් අසාත්මික වී ගම්පහ රෝහලේ රෝගියෙක් මිය යයි… අදාල ඛාණ්ඩයේ එන්නත් නවත්වයි!

Next Post

මණ්ඩලයෙන් ශත 16ට දෙන වතුර ලීටරය මිල වැඩියි කියන්නේ රුපියල් 150ට සුපර් මාර්කට් එකෙන් වතුර ලීටරයක් ගන්න අය!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.