ගුණාත්මක තත්ත්වයෙන් තොර ඖෂධ භාවිත කරනවා යැයි කියමින් ඇතැම් සංවිධානාත්මක පිරිස් සෞඛ්‍ය සේවාව කෙරෙහි මහජන විශ්වාසය බිඳ දැමීමට උත්සහ කළත් නිදහස් සෞඛ්‍ය සේවාව කප්පාදු කිරීමට හෝ විනාශ කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ, කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අද (12) පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.
එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා කීවේ නිදහස් සෞඛ්‍ය සේවාවට දේශපාලනික වශයෙන් පවා හානි කරන අවස්ථා පවතින බවත් වෛද්‍යවරුන් ලබා දෙන ඖෂධවල විශ්වාසය බිද දැමීමට ඔවුන් උත්සහ කරන බවත්ය.
එනමුත් ගුණාත්මක තත්ත්වයෙන් යුතු ඖෂධ ලබාදීමට වර්ෂ 1942 සිට ක්‍රියාත්මක වන මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව ඉදිරියටත් රැක ගැනීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා කීවේය.
දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සමයේදී මෙරට සෞඛ්‍ය සේවාවට අවශ්‍ය යෙදවුම් රැසක් මෙරට නිෂ්පාදනය කළ අයුරින් යළිත් ඇතැම් නිෂ්පාදන දේශීය වශයෙන් සපයා ගැනීමට සැලසුම් යොදා ඇතැයි ද අමාත්‍යවරයා කීවේය.
ඒ අනුව ශෛල්‍ය ගෝස් නිෂ්පාදනය දේශීය නිෂ්පාදකයන් විසින් ආරම්භ කොට ඇති බවත් ඉන් වාර්ෂිකව රුපියල් මිලියන 200ක් පමණ දේශීය නිෂ්පාදකයන්ට ලබාදිය හැකි බවත් ඔහු සඳහන් කළේය.