දිනසේන රතුගමගේ –
යාපනය පොලීසියට ප්‍රකාශයක් ලබා දීමට ගිය 75 හැවිරිදි වියපත් කාන්තාවක් පොලිසිය තුළ සිහිසුන්ව ඇද වැටී මියගොස් තිබේ.
යාපනයේ හතරවන හරස් වීදියේ පදිංචි එස්.මලර් නැමැති මෙම කාන්තාවට අයත් නිවසක මුලතිව් මල්ලාවී ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කුළියට නවාතැන් ගෙන සිටියදී ඔහු හදීසියේම බාලකයක එල්ලී සිය දිවි හානි කරගැනීම පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඊයේ (13) ඇය යාපනය පොලිසියට කැඳවා තිබිණි.
එම කැඳවිම මත කාන්තාව පොලිසියට ගිය අවස්ථාවේදී ඇය පොලිසිය තුළ සිහි සුන්ව ඇද වැටී තිබේ.
වහාම ඇයව ගිලන් රථයකින් යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඇය ඒ වන විටත් මියගොස් ඇති බව වෛද්‍යවරු සනාථ කොට තිබේ.
මියගිය කාන්තාව සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශීක්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිත අතර යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂ්ණ පවත්වා ගෙන යයි.