සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒම කෙරෙහි සිය පක්ෂයේ අවධානය යොමුවී ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සඳහන් කරයි.
විපක්ෂනායකවරයා සමඟ පැවැති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබුණි.
ඉදිරියේ දී පාර්ලිමේන්තුව තුළ සිටින සියලුම විපක්ෂ සහ ආණ්ඩුවේ මැදහත් කණ්ඩායම් සමග සාකච්ඡා කර අදාල යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන එන බව සමගි ජන බලවේගයේ ආරංචි මාර්ග පවසයි.
තවද රටේ සෞඛ්‍ය පද්ධතිය දුර්වල කිරීමට වගකිවයුතු පාර්ශ්ව සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත පැමිණිල්ලක් සිදුකිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.