දින 04ක් තිස්සේ ආගිය අතක් නොමැතිව අතුරුදහන් වී ඇති සංචාරක ඩෙන්මාර්ක් ජාතික කාන්තාවක් සොයා මහනුවර පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
ශ්‍රි ලංකාවේ සංචාරය අතරතුර දි මහනුවරට පැමිණි මෙම 38 හැවිරිදි ඩෙන්මාර්ක් කාන්තාව මහනුවර අම්පිටිය ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන ඇත.
පසුගිය 09 වැනිදා හෝටලයට පැමිණි ඇය 10 වැනිදා උදෑසන හෝටලයෙන් පිටවී ගොස් ඇති නමුත් නැවත හෝටලයට පැමිණ නැති බව හෝටල් කළමණාකාරිත්වය ඊයේ (13) මහනුවර සංචාරක පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඇය හෝටලයේ සිට අලගල්ල දක්වා පික් මී ටැක්සි සේවා රථයකින් ගමන් කර ඇති බවය.
කාන්තාව සොයා අද දින අලගල්ල ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් කිරීමට නියමිතය.