ශ්‍රියානි විජේසිංහ සහ සුමිත් පොතුපිටිය –
උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පානදුර රෝහලට ඇතුළත් කල ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සේවය කරන අවුරුදු 33ක පමණ වයසැති කළමනාකාර සහායක වරයෙක් කැනියුලාවක් මගින් සිදුවූ විෂබීජයක් ආසාදනය විම හේතුවෙන් මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.
මෙම කළමණාකාර සහකාරවරයා තමන්ට ඇති වූ උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී ඔහුට සේලයන් ඇතුලු ඖෂධ ලබා දීම සඳහා අතට සවිකල කැනියුලාවෙන් විෂබීජයක් ඇතුලු වී එය රුධිරය හරහා හෘදය දක්වා ගමන් කර ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් මරණය සිදුවී ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
උණ රෝගය වැලදී ධරුණු ලෙස රුධිර පට්ටිකා අඩුවීම හේතුවෙන් ඔහුට සේලයින් ඇතුළු විවිධ ඖෂධයන් වෛද්‍ය නිර්දේශ මත කැනියුලාව හරහා ලබා දීමෙන් පසුව රෝගය සුවපත් වී ඔහු නිවස බලා ගොස් ඇත.
මෙසේ සුවය ලබා නිවසට ගිය පුද්ගලයාගේ කැනියුලාව සවි කර තිබු අත ඉදිමිම නිසා නැවත අසනීප තත්තවය උත්සන්න වී රෝහල් ගත කර ඇති තිබේ.
එහිදී කරන ලද පරීක්ෂණයන්ගෙන් දැන ගැනීමට ලැබී ඇත්තේ විසබීජයක් ශරිර ගතවී එය හෘදයේ අසාත්මිකතාවක් ඇතිකිරීමට දක්වා ගමන් කර ඇති බවකි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කළමනාකාර සහකාරවරයෙක් වූ ඔහු වෙනුවෙන් ආයතයේ සුභසාදන සංගමය මගින් කළ හැක සේවාව නොපමාව සිදුකරන බව ලංකා සර කළ විමසුමකදි සුභසාධන සංගමයේ ප්‍රකාශකයෙකු පැවසුවේය.