බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පහසුම ජයග්‍රහණ අත් හැරී ඇත… කවදාවත් පරාද කර නැති ඔස්ට්‍රේලියාව පරාද කර ලෝක කුසලානයේ රැඳි හිඳීමේ අභියෝගය කෙල්ලන් අභියස!

by editor
ඔක්තෝබර් 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පහසුම දේ අත්හැර අප දැන් බරතලම අභියෝගය ජය ගැනීමේ කඩඉමට පැමිණ තිබේ.

ආසියානු ශූරියන් වශයෙන් මුල්ම පහසු ජයග්‍රහණය අප මගහැරගෙන ඇත. චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම තවදුරටත් ලෝක ශූරතා තරගාවලියේ තරගකාරීව රැඳී සිටීමට නම් අද (05) පැවැත්වෙන තරගය ජය ගත යුතුය. බී කාණ්ඩය යටතේ පැවැත්වෙන මෙම තරගය අපට අවසන් මහා තරගය සේම වැදගත්ය. 

අවසන් පූර්ව වටයට බලාපොරොත්තු තබා ගැනීමට මේ තරගය අනිවාර්යයෙන්ම ජය ගත යුතුය. එය කිසිසේත්ම පහසු අභියෝගයක් නොවේ. අප තරග කරන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමගය. ලෝකයේ අංක 01 කණ්ඩායම සමගමය. ලෝක ශ්‍රේණිගතකිරීම්වල අප ඉන්නේ 07ය. අනික් කාරණාව නම් අප කවදාවත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග විස්සයි 20 තරගයක් මෙතෙක් ජයගෙන නැත.  ශ්‍රි ලංකාව සහ ඔස්ට්‍රේලියාව අවසන් වරට හමුවන්නේ 2023 විස්සයි20 ලෝක කුසලානයේ දී ය. එහිදී ශ්‍රී ලංකාවට කඩුලූ දහයක අන්ත පරාජයක් අත්විඳීමට සිදුවිය.

එහෙත් විස්සයි 20 තරග සඳහා මෙවැනි පූර්ව දත්ත සහ  පුරෝකථන  අදාලම නැත. ලෝකයේ අංක එකේ පසුවුන පිතිකාරිණියන් දෙදෙනෙක් අප සතුවය. විස්සයි විස්ස තරගයකදී දිනයේ වැරදි අඩුවෙන්ම කරන තරගකාරී කණ්ඩායම ජයග්‍රහණය කරන්නේය. ග්‍රහණය අත් නොහැර පන්දු 240 ක්‍රිඩා කිරීම සෑම පන්දුවකටම නිසි වටිනාකම සහ ඇගයීමක් ලබා දෙමින් පිටියේ වගකීම් ඉටු කරන කණ්ඩායම ජයග්‍රහණ කරන්නේය.

ශ්‍රී ලංකා වෙලාවෙන් තව පැය එක හමාරකින් එනම් 3.30ට තරගය  ආරම්භ වනු ඇත.

මේ තරග රිද්මයට කාසියේ වාසිය ද වැදගත් වන අයුරු දකිමු.  එනම් වාසනාවය. මුලින්ම පිතිකරණයේ යෙදෙන කණ්ඩායම හඹා යෑම සාජා හිදී පහසු නොවන ආකාරය පෙන්නුම් කර තිබිණි. පකිස්ථානය ශ්‍රි ලංකා කණ්ඩායම පරාජය කළේය. නවසීලන්ත කණ්ඩායම හමුවේ ඊයේ ඉන්දියාව දැවැන්ත පරාජයක් ලැබුවේය. තරග දෙකම ජයග්‍රහණය කළේ මුලින් පන්දුවට පහර දුන් කණඩායම්ය. මුලින් පන්සුවට පහර දුන් කණ්ඩායම් දෙවනුව පන්දුවට පහර දුන් කණ්ඩායම්වලට වඩා ශ්‍රේණිගත කිරීම්වල පහළය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

කෙසේ වෙතත් තමන්ට වඩා අඩු ශ්‍රේණිගතකිරීමට ඉන්නා පකිස්ථාන කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ අනපේක්ෂිත පරාජය සම්බන්ධව මේ වනවිට අන්තර්ජාතික විචාරක අවධානය යොමු වී තිබේ.

පකිස්ථානය හා තරගයේ දී  ශ්‍රී ලංකා කණ්ඩායම හඹා ගියේ ලකුණු 117 ක පහසු ඉලක්කයකි. එහෙත් පන්දු ඕවර 20 තුළ ඔවුන් කඩුලු 9 ක් දැවී ලකුණු 85 කට සීමා විය. කෙසේ වෙත්ත ජාත්‍යාන්තර විචාරකයින්ට අනුව කණ්ඩායමේ වෙනසක්ම් සිදුනොවනු ඇත. ඔස්ට්‍රේලියාව සිය දඟ පන්දු එවන බලඇණිය ශක්තිමත් කරනු ඇති බව විශ්වාස කරයි. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය තරම් තුන් ඉරියව් ක්‍රීඩිකාවෝ වෙති.

ලෝකකුසලාන 2023 සංස්කරණයේ තරඟාවලියේ ක්‍රීඩිකාව බෙත් මූනි ය. එහෙත් මෙම තරඟාවලිය දක්වා ඇය රැස් කරගෙන ඇත්තේ අඩු ලකුණු සංඛ්‍යාවකි. ඇයගේ ආසන්න විස්සයි 20 ජාත්‍යාන්තර ඉනිම පහේදී ඇය ලකුණු 15 ඉක්මවා යාමට සමත් නොවීය. ලෝකයේ දැනට සිටින අත්දැකීම් බහුල විශිෂ්ටම පිතිකාරිනියන් අතර චමරී අතපත්තු සිටින්නීය. ඇය මේ ඔස්ට්‍රේලියානු අභියෝගය භාර ගන්නා ආකාරය ලෝකයම බලාගෙන ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චමරි අතපත්තු සිය කණ්ඩායම සමග එක්ව ශ්‍රී ලංකාව අභියෝගාත්මක ජයග්‍රහණයක් කරා රැගෙන යනු ඇති බව ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ විශ්වාසය ය.

ඕස්ට්‍රේලියානු සංචිතය:
ඇලිස්සා හේලි ( නායක සහ කඩුළු රකින ක්‍රීඩිකා)  ඩාර්සි බ්‍රවුන්, ඇෂ්ලී ගාර්ඩ්නර්, කිම් ගාර්ත්, ග්‍රේස් හැරිස්, ඇලානා කිං, ෆීබී ලෙච්ෆීල්ඩ්, ටාලියා මැක්ග්‍රාත්, සොෆි මොලිනර්, බ්‍රෙත් මූනි, ඇලිස් පෙරී, මේගන් ෂට්,   ඇනබෙල් සදර්ලන්ඩ්, ජෝර්ජියා වර්ලන්ඩ් ටේලා ව්ලමින්ක්

ශ්‍රී ලංකා සංචිතය: චමරි අතපත්තු (නායිකාව), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, කවිෂා දිල්ෂාරි, නිලක්ෂිකා සිල්වා, හසිනි පෙරේරා, අනුෂ්කා සංජීවනී (WK), සචිනි නිසංසලා, උදේශිකා ප්‍රබෝධනී, ඉනෝෂි ප්‍රියදර්ශනී, අචිනි කුලසූරිය,  ඉනෝකා රණවීර, සශිනි ගිම්හානි, අමා කාංචනා, සුගන්දිකා කුමාරි

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩී.අයි.ජී ගෙ නම විකුණා ජඩ වැඩ කරන නුවරඑලියේ පොලිස් පිනාට වැඩ වැරදිලා… !

Next Post

රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ යයි…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.