රුපියල් කෝටි එක හමාරකට අධික වංචාවක් සිදුවී ඇතැයි කියන සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් පශු වෛද්‍ය පර්යේෂණ ආයතනයේ මූල්‍ය වංචාව නිසා සිදුවී ඇති අලාභය තක්සේරු කර ඒ පිළිබඳව චූදිත සේවිකාවට ගත යුතු ක්‍රියාමාර්ගය තීරණය කිරීම සඳහා ආයතනියක මට්ටමින් කණ්ඩායම් දෙකක් පත් කර ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මෙම කණ්ඩායම් දෙකට අමතරව ආයතනය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද සිද්ධිය පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
අයත් පශු වෛද්‍ය පර්යේෂණ ආයතනය වසර ගණනාවක් මුළුල්ලේ විගණනයට ලක් නොවීම නිසා දීර්ඝ කාලීනව මෙවැනි මූල්‍ය වංචා කරගෙන යෑමට වංචනික පුද්ගලයින්ට අවස්ථාව සැලසී ඇතැයි වාර්තා වී ඇත.
මේ වනවිට රජයේ විගණන අංශය සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් හා එක්ව පශු විද්‍යා පශු වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විගණනයක් ආරම්භ කර තිබේ.







