දිනසේන රතුගමගේ –
සබරගමුව විශ්ව විද්‍යාලයේ පැවති උපාධි ප්‍රධානෝත්සවයේදී උපාධිය ලබා ගත් තරුණියක් යාපනයේ සිය නිවසට පැමිණීමෙන් පසුව ඊයේ (29) ගෙළ වැළලාගෙන මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ වඩුක්කෝඩෙයි සෂිපුරම් ප්‍රදේශයේ පදිංචිව සිටි සත්කුණරත්නම් කෞෂිකා නැමති 27 හැවිරිදි තරුණියකි.

මියගිය තරුණියගේ මව හා පියා පවුල් ආරවුලක් හේතුවෙන් වෙන වෙනම ජීවත් වන අතර උපාධි ප්‍රධානෝත්සවයේදී එම තරුණිය සිය දෙමව්පියන් දෙදෙනාම එම උත්සවයට රැගෙන ගොස් තිබේ.
ඔවුන් සියළු දෙනාම ආපසු පැමිණීමෙන් පසුව පවුලේ ආරවුල් යළි උත්සන්න වීමෙන් පසුව ඇය දැඩි මානසික කම්පනයකට පත් ඇති බවත්, පසුව සිය නිවසේදීම ගෙළ වැළලාගෙන මිය ගොස් ඇති බවත් විමර්ශන අංශ කියයි.
මියගිය තරුණියගේ මළ සිරුර වඩුක්කෝඩෙයි පොලිසිය විසින් වඩුක්කෝඩෙයි රෝහලට බාර දී ඇති අතර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂ්ණ පවත්වා ගෙන යයි.







