ලලිත් චාමින්ද
-
වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබා ගත් ආචාර්යවරුන් 18ක් පශ්චාත් උපාධිය සපුරා නෑ… වියදම කෝටි 8යි…
කොළඹ විශ්ව විද්‍යාලය මගින් පශ්චාත් උපාධි සම්පුර්ණ කිරිම සදහා වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබා දි තිබු ආචාර්යවරු 18 දෙනෙකු අදාල සුදුසුකම් සම්පුර්ණ කර නොතිබිම හේතුවෙන් එළඹ තිබු බැදුම්කර ගිවිසුම කඩවිම මත රුපියල් මිලියන 78.2ක මුදලක් එම ආචාර්යවරුන්ගෙන් අයකළයුතුව ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් 2020 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සදහන් වේ.
එමෙන්ම නැවත සේවයට වාර්තාකර නොතිබු ආචාර්යවරු 12 දෙනෙකුගෙන් අයවිය යුතු රුපියල් මිලියන 20.2ක මුදල වසර 02ක සිට වර්ෂ 18ක් දක්වා කාලපරාසයක් තුල අයකළයුතුව තිබුනද 2020 වර්ෂයේ 12.31 දින වනවිටත් එම මුදල අයකරගැනිමට කළමණාකරණය විසින් ක්‍රියාමාර්ග ගෙන නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මේ සම්බන්දයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ කළමණාකරණය මගින් විගණනයට සදහන්කොට ඇත්තේ මෙම ආචාර්යවරු අතුරින් 07 දෙනෙකු සේවයේ යෙදි සිටිමින් ඔවුන්ගේ ආචාර්ය උපාධිය සම්පුර්ණකොට ඇති අතර ඔවුන්ගේ උපාධි සහතික ඉදිරිපත් කිරිමට ඔවුන් කටයුතු කර ඇති බවය.
එමෙන්ම ආචාර්යවරුන් 08 දෙනෙකු ඔවුන්ගේ ආචාර්ය උපාධි තවදුරටත් හදාරමින් සිටින බව විශ්ව විද්‍යාලය වෙත දන්වා ඇති බවද කළමණාකාරිත්වය මගින් විගණනයට සදහන්කොට ඇත.
ආචාර්යවරු තිදෙනෙකුගේ ගිවිසුමෙහි පාඨමාලාව සාර්ථක ලෙස නිමකළ යුතු යැයි වගන්තියක් නොමැති බැවින් නිති කමිටුවේ නිර්දේශය මත පාලක සභාව විසින් එම ගිවිසුම්ගත මුදල ගෙවිමෙන් නිදහස් කිරිමට තිරණය කොට ඇති බවද සදහන් කොට ඇත.
විදේශතවි නැවත සේවයට වාර්තා නොකළ ආචාර්යවරුන්ට අයවිය යුතු මුදල අයකරගැනිමට අවශ්‍යක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙමින් පවතින බවද කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත.
.







