රත්නපුරයෙන් හමුවී ඇති ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික අද (12) පෙරවරුවේ එය මුල්වරට මාධ්‍ය වෙත නිරාවරණය කෙරුණි.
ආසියාවේ රැජින (QUEEN OF ASIA) ලෙස නම් කර ඇති මෙහි බර කිලෝග්‍රෑම් 310කට ආසන්නය.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන්නේ රත්නපුරය බටුගෙදර ප්‍රදේශයෙන් මෙය හමුවී ඇති බවය.
ඒ අනුව ලොව විශාලතම තනි කොරොන්දම (Blue Sapphire) මෙයයි.
මෙම මැණික ජියොමලොජිකල් ඉන්ස්ටිටියුට් ඇන්ඩ් රිසර්ච් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට අයත් වේ.
එම මැණික මේ වනවිට හොරණ ප්‍රදේශයේ තැන්පත් කර ඇත.