සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අහල ගම් හතක් බය කරන සූරියවැව මිනීමරු වන අලියා ගැන තැතිගත් මිනිස්සු කියන කතා…

by editor
දෙසැම්බර් 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

  • මේ තිබුණු ගම්මාන් නොවෙයි… දේශපාලකයන්ගේ කුණු ජාවාරම් කාරයෝ මහ කැලේ කපනවා… අලි ගම්වදිනවා. ජවාරම් කාරයො කැලෙන් පන්නලා අලි ටික කැලේට යවලා දෙන්න…

“වන අලින්ට ඉන්න වෙන් කරලා තියෙන මහ කැලේ දේශපාලන හිතවත්කම් මත අක්කර ගනන් වගා කිරීමට ඉඩදීලා. දැන් දිනපතාම වන අලි ගම් වදිනවා. ගම්මුන්ගේ ජිවිත රැකගන්න එළිවෙනකම් වන අලිත් එක්ක ඔට්ටු වෙන් වෙලා. බළධාරීන්ට කොතෙකුත් කීවත් වැඩක් නෑ. සූරියවැව අවට සැරිසරණ මීනී මරු වන අලියා වහා රැගෙන යාමට බළධාරීන් කටයුතු කරන්න… නැතිනම් මේ සතා තවත් ජීවිත ගණනක් බිලි ගනිවී. ඒ අලියත් මිනිස් වෙඩි පරහරකින් හෝ මරුමුවට පත් වේවි. ඒක අපරාධයක්.“  

එසේ කියන්නේ සූරියවැව වැලිවැව,බෝගහඉදිවැව,මීගහජදුර, කරමැටිය, වැවේගම, 14කණුව ඇතුළු අලි කරදරය නිසා පීඩාවට පත් වී සිටින ගම්මුය.   

මේ මිනිස්සු අපට කී කතාවය.

බෝගහඉදිවැව පදිංචි ඊ.කේ.ආරියදාස  .

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එක දවසක්වත් අපිට රෑට ඇහැ පියාගන්න විදියක් නෑ අලි නිසා. අපි එදා ඉඳන්ම මේ ගම්වල ජිවත් වුණා. හැබැයි ඒ කාලේ මේ විදියට අලි කරදර අපිට තිබුණේ නැහැ. දැන් තමා මේ විදියට අලි කරදර වැඩි වෙලා තියෙන්නේ. ඒකට ප්‍රධාන හේතුව මහා පරිමාණ ව්‍යාපාරිකයෝ දේශපාලන හිතවත්කම් මත අලින්ට ඉන්න තිබුණු කැලේ අල්ලගෙන වැටවල් ගහලා කොටු කරගෙන සිටිම. අලි ටිකට යන්න තැනක් නෑ. ඒ නිසා රෑ වෙනකොටම අලි ගමට වදිනවා

වනජීවි එකට කිව්වට වැඩකුත් නෑ. අපිට අපේ ජිවිත රැකගන්න වෙලා තියෙන්නේ. අලි වැටවලුත් නෑ. මේ ටිකේම මිනිස්සු පස්සේ එලවන එක අලියෙක් නිසා රෑට පාරකට බහින් විදියක් නැති වෙලා. පසුගිය 07 වෙනිදා වැලිවැවදී පාරේ යමින් සිටි දෙන්නෙක් මරා දැම්මා. පසුගිය 10 වෙනිදා මගේ දුවගේ ගෙදරට එමින් සිටි දෙදෙනෙකුට අලියා ගහන්න පැනලා තුවාල වුණා. මේ තියෙන කිසිම භෝගයක් තියෙන්න අරින්නේ නෑ කාලා විනාශ කරලා දමනවා. අලි ආවම එළවගන්න අලි වෙඩි ඇත්තෙත් නෑ. 

අපි මේ දුක් ගැනවිල්ල හැමෝටම කිව්වා. තවම කිසිදු විසදුමක් නෑ. අපිට අපේ ජීවිත අපේ දරු මල්ලන්ගේ ජීවිත වටිනවා. ඒ නිසා මේකට වගකිවයුතු බළධාරීන් විසඳුමක් දෙන්නේ නැතිනම් සතාගෙ ජීවිතෙත් අපේ ජීවිතත් නැති වේවි…

ආරියදාස, අනූෂා සහ වීරකෝන්…

බෝගහඉදිවැව පදිංචි දිනූෂා දමයන්ති  

මහත්තයා රෑට එළිවෙනකම් වගාවේ පැල් රකිනවා. මමයි දරුවෝ තුන් දෙනයි විතරයි ගෙදර ඉන්නේ. අපි හැමදාම එළිවෙනකම් බයෙන් ඉන්නේ. හැමදාම ගේ ලගට අලි එනවා. අපි කෑ කෝ ගහලා කොහොම හරි එළවා ගන්නවා. පසුගිය 09 වෙනිදා රෑ 7.30ට විතර ගේ පිටිපැත්තේ සද්දයක් ඇහිලා   බලනකොට අලියා ඇවිත් පොල් ගස් කඩනවා. මන් හයියෙන් කෑ ගහලා අවට අයගෙන උදව් ඉල්ලුවා. ඒ වෙලාවේ මහත්තයා පැල් රකින්න ගිහිල්ලයි හිටියේ. මගේ කෑ ගැහිල්ලට අවට ඉන්න කට්ටිය ලොරියක් අරගෙන ඇවිත් අලි වෙඩි දමලා තමයි අලියා එළවා ගත්තේ. 

මේ විදියට අපිට මේ ගම්වල ජිවත් වෙන්න බෑ. බළධාරීන් මොකක් හරි විසදුමක් ඉක්මනින් මේකට දිය යුතුයි. 

වැලිවැව පදිංචි වීරකෝන්  

හම්බන්තොට වන අලි ගැටලුව විසදන්න කියලා අලි කළමණාකරණ රක්ෂිතයක් කියලා එකක් ගැසට් කලා .ඒක නමට විතරයි කරලා තියෙන්නේ. එම රක්ෂිතය තුළ එක අලියෙකුටවත් ඉන්න තැනක් නෑ. 

දේශපාලඥයින්ගේ හෙන්චයියෝ එකතු වෙලා මහ කැලේ ඇතුලේ ඉඩම් අල්ලගෙන කොටු කරගෙන ඉන්නවා. මේවට විසදුමක් දෙන්න බළධාරීන්ට ඕන කමක් නෑ. නිළධාරීන් හැමෝමත් ජාවාරම්කාරයන්ට සියළු පහසුකම් දුන්නට ගම්වල ජිවත් වෙන අසරණ මිනිස්සුන්ට කිසිදු සහනයක් සළසන පාටක් පේනතෙක් මානයකවත් නෑ.

අලි කළමණාකරණ රක්ෂිතයේ ඉන්න ජාවාරම්කාරයෝ කැළෙන් එළියට දමලා ගම්වල ඉන්න මිනිමරු අලි ටික කැලේට දමන්න කියලා විතරයි අපි ඉල්ලන්නේ .

වන අලියාගේ ප්‍රහාරයට ලක්ව මිය ගිය සූරියවැව ක්‍රීඩාංගනයේ සේවකයින් දෙදෙනා…
Share69Tweet43
Previous Post

ලොව විශාලතම ස්වභාවික තනි නිල් මැණික මෙරටින් හමුවෙයි

Next Post

බූස්ටර් එන්නත ලබා නොගත්තොත් දෙසැම්බර් අග වෙනකොට කොවිඩ් සුනාමියක් – රාජ්‍ය ඇමති ජයසුමන 

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.