සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් හා ගැටී  මහමෝදර රෝහලේ හෙදියෝ සේවයෙන් ඉවත් වෙති…

by editor
අගෝස්තු 29, 2022
in පුවත්
MAHAMODARA
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

  • අත්‍යාවශ්‍ය සේවාවලිනුත් හෙදියන් ඉවත් වූ බව වෛද්‍යවරු කියති… මාතෘ රෝහල අනතුරේ… වර්ජනයට මුල අත්සන් ප්‍රශ්නයක්… 

ගාල්ල මහමෝදර මාතෘරෝහලේ  පවුල් සෞඛ්‍යසේවා නිලධාරිනියන්  විශේෂ ශ්‍රේණියේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය යටතේ ඇති වෙනම පොතක අත්සන් තැබීමට  විරෝධය දක්වා රෝහලේ හෙදි නිලධාරිනියන් විසින් අද (29) උදැෑසන සිට සේවයෙන් ඉවත්විම නිසා  රෝහලේ ගැබිනි මව්වරුන් හා කුඩා දරුවන්  දැඩි දුෂ්කරතාවයට පත්වුහ.

හෙදි නිලධාරිනියන් සේවා කටයුතු වලින් ඉවත්වීම නිසා හදිසි සැත්කම් හැර අනිකුත් සියලුම සැත්කම් නතරවී ඇති අතර   ගැබිනි මව්වරුන්ගේ සායන පවා  මෙම තත්වය නිසා පැවැත්වීමට නොහැකිවී ඇත.  

ගැබිනිමව්වරුන් හා දරුවා බේරාගැනීමේ සැත්කම් පමණක් සිදුකරන අතර අනිකුත් සියලු සැත්කම් නතර වි ඇත.  කෙසේවුවද රෝහලේ වෛද්‍යවරුන් පවසන්නේ  හෙදි නිලධාරිනියන් හදිසි සේවා කටයුතු වලින් පවා ඉවත්වී ඇති බවත් මෙම තත්වය නිසා ගැබිනිමව්වරුන් හා කුඩා දරුවන් දැඩි අවධානමකට ලක්ව ඇති බවත්ය. රෝහලේ වාට්ටුවල කටයුතු පවා කිරීමට මෙම තත්වය නිසා නොහැකිවි ඇති බවද වෛද්‍යවරු  පවසති.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් නීත්‍යානුකුල පොතේ අත්සන්කරන තෙක්  මෙම විරෝධතාවය අඛණ්ඩව කරගෙන යන බැව් රාජ්‍ය සේවා එක්සත් හෙදි සංගමයේ උප සභාපතිනී රුපා රංජනි   ස සහන් කළාය.

 ඇය මේ පිළිබද වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීවාය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“පවුල් සෞඛ්‍යසේවා නිලධාරිනියන් වෙනම පොතක අත්සන් කිරීම සම්බන්ධයෙන් කාලයක සිට ගැටුම් තිබුණා. මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය මැදිහත් වුනේ නැහැ. මේ ගැටලුවට විසඳුම් ලබා දුන්නේ නැහැ. 

මහමෝදර රෝහල සඳහා විශේෂ ශ්‍රේණියේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියක් පත්කිරීමත් සමග පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්  ඇය යටතේ ඇති වෙනම පොතන අත්සන් කිරිමට කටයුතු කළා. මිට පෙර විශේෂ ශ්‍රේණියේ හෙදි නිලධාරිනිය යටතේ ඇති පොතේ තමයි අත්සන් කළේ. “

“අපි කියන්නේ   සියලුදේනා විශේෂ ශ්‍රේණියේ හෙදි නිලධාරිනියක් යටතේ ඇති පොතේ අත්සන් කළයුතුයි. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් ඒ අයුරින් කටයුතු නොකළහොත් අපේ විරෝධතාවට අඛණ්ඩව කරගෙන යනවා. දකුණු පළාතේ අනිකුත් රෝහල් තුළත් ක්‍රියාත්මක කරනවා. පවුල් සෞඛ්‍යසේවා නිලධාරිනියක් නිත්‍යානුකූල පොතේ අත්සන් කළහොත් හෙට සිටි විරෝධතාවය නතරකරලා සේවයට වාර්තා කරනවා. “

“මේ පිළිබඳ සෞඛ්‍යසේවා අධ්‍යක්ෂකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (29) පස්වරුවේ දි සාකච්ඡාවක් පැවැත්වුවා. සෞඛ්‍යසේවා අධ්‍යක්ෂකවරයා දැනුම් දුන්නා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විශේෂ ශ්‍රේණියේ හෙදි නිලධාරිනිය යටතේ ඇති පොතේ අත්සන් කළයුතුයි කියලා“ යැයි ද රුපා රංජිනී සඳහන් කළාය.

මේ පිළිබද ගාල්ල මහමෝදර රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී.බී විමලසේනගෙන් අප කළ විමසුමකදි  ඔහු මෙසේ පැවසුවේය.

“මෙම ගැටුම පිළිබඳ  දේපාර්ශවයම කැඳවා සෞඛ්‍යසේවා අධ්‍යක්ෂකතුමාගේ ප්‍රධානත්වයෙන්  සාකච්ඡාවක් අද පස්වරුවේ දි පැවැත්වුවා. දේපාර්ශවයටම අපේ තිරණ දැනුම් දිලා තියෙනවා  ඒ අනුව ක්‍රියාත්මක වෙන්න කියලා. අපි සුභවාදිව බලාපොරොත්තුවෙනවා මෙම ගැටලුව කඩිනමින් විසඳේවි කියලා. “   යැයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.

 

 

 

Share69Tweet43
Previous Post

මහමෝලුන්ගේ කයිවාරු විතරයි… මහවැලි බී කලාපයේ ගොවීන්ව සූරා කන හැටි ගොවි සංවිධාන කියයි…

Next Post

සනත් නිශාන්ත අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් අභියාචනාධිකරණයට පෙත්සමක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.