ශ්‍රියානි විජේසිංහ –
විශේෂඥ දැනුම ඇති පුද්ගලයින් යොදවා පරිත්‍යාග භාර ගැනීමට සෞඛය අමාත්‍යංශය තුළ විශේෂ කවුලුවන් කඩිනමින් ස්ථාපිත කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍යය අමාත්‍යංශයෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
මේ වන විට රටතුල පවතින උග්‍ර ඖෂධ හිගයට යම් පිලියමක් ලෙස දෙස් විදෙස් පරිත්‍යාගශීලීන් මෙරටට ඖෂධ හා ශල්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට පැමිණියද ජාතික ඖෂධ අධිකාරියේ පවතින දීර්ඝ ක්‍රමවේදය හා සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැම් නිලධාරින්ගේ අකාර්යක්ෂම වැඩ පිළිවෙළ හේතුවෙන් මේ වන විටත් ලැබීමට නිනියමිත පරිත්‍යාගයන් නතර වී ඇතැයි සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල විජේසිංහ පැවසුවේය.
පරිත්‍යාගයන් ලබා දීමට පැමිණෙන පුද්ගලයින් සතු ලියකියවිලි පරික්ෂා කර අනුමැතියන් ලබා දීමට සෞඛ්‍ය අමාතයංශයේ ඇතැම් සති ගණන් මාස ගණන් වැය කරන බවට සංගමයට තොරතුරු ලැබී ඇතැයි ද එවන්







