ආශ්චර්යයන් තිබුණේ නැත.අමිහිරි පරජයකින් තරගාවලිය ආරම්භ වී තිබේ.
ශ්‍රී ලංකාවට ජයග්රහණයන් පිළිබඳ බලාපොරොත්තු ලබා දෙන ගාල්ල ජාත්‍යාන්තර ක්රීඩාංගනනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පරදවා කඩුලු 4 ක විශිෂ්ඨ ජයග්‍රහණයක් සංචාරක පාකිස්තාන කණ්ඩායම අත්කර ගත්තේය.
පකිස්ථානයට ජයග්‍රහණය සඳහා ලබා ගැනීමට අවශ්‍යව තිබුනේ ලකුණු 131ක සොච්චමකි. ඔවුහු ඊයේ දිනය අවසන් වනවිට ලකුණු 48කට කඩුළු 03ක් දැවී සිටිහය. ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ ලකුණු 83කි.
එම ලකුණු 83 අද දවස තුළ කඩුළු තුනක් දැවී පකිස්ථාන කණ්ඩායම රැස් කරගත්හ. ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් ලකුණු 50ක් නොදැවී ලැබුවේය. නායක බබාර් අසාම් ලකුණු 24ක්, පළමු ඉනිමේ ද්විත්ව ශතකය වාර්තා කළ සවුද් ශකීල් ලකුණු 30ක් ලැබුවේය.
දෙවැනි ඉනිමේ ප්‍රභාත් ජයසූරිය ලකුණු 56ක කඩුළු 04ක් සහ රමේෂ් මෙන්ඩිස් එක කඩුල්ලක් බිඳ හෙළූහ.
ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ මුල් ඉනිමේ ලකුණු 312කට දැවී ගියේය. පකිස්ථානය මුල් ඉනිම ලකුණු 461ක් රැස් කළහ. දෙවැනි ඉනිමේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 279කට දවාගෙන ලකුණු 131ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පකිස්ථාන කණ්ඩායම අද පන්දු ඕවර 32ක් තුළ තරගය ජයග්රහණයෙන් නිමා කළේය.