ලලිත් චාමින්ද –
විධිමත් අවසරයකින් තොරව රටින් බැහැරව ගෙනයාමට උත්සාහ කළ ඇමරිකානු ඩොලර් 53,455ක මුදල සාධාරණ කරුණු දැක්විමකින් තොරව එවකට මුදල් ඇමති මහින්ද රාජපක්ෂගේ ඉල්ලිම මත නැවත ලබාදිමට කටයුතු කිරිම හේතුවෙන් රුපියල් 1,603,650ක පාඩුවක් වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් ශ්‍රිලංකා රේගුව සම්බන්දයෙන් 2020 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සදහන් වේ.
විධිමත් අවසරයකින් තොරව රටින් බැහැරව ගෙනයාමට උත්සාහ කළ මෙම ඩොලර් ප්‍රමාණය රේගුව විසින් රඳවාගෙන තිබී ඇත.
රේගු ආඥාපනතේ 164 වැනි වගන්තිය යටතේ මුදල් ඇමතිවරයාගේ ඉල්ලිම මත මෙම මුදල නිදහස් කොට තිබුණි. මේ නිසා සිදුවි තිබු රුපියල් 1,603,650ක පාඩුවේ වටිනාකම මුදල් රෙගුලාසි 106 හා 113 යටතේ පාඩු ලෙස සටහන්කර තිබුණි.
රේගු ආඥාපනතේ 164 වැනි වගන්තිය යටතේ රඳවාගත් භාණ්ඩ හා වෙනත් දේපල නිදහස් කිරිමට මුදල් ඇමතිවරයාට බලය තිබුණද අලාභ හෝ වෙනත් පිරිවැය දැරිම සඳහා බලය ලබාදි නොමැති බව විගණනය මගින් නිර්දේශකොට ඇත.
ඒ අනුව අලාභය වැඩිපුර ගෙවිම් කිරිම නිත්‍යානුකුල නොවන බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.