වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුව විසින් දිවයිනම ආවරණය වන ආකාරයට අද ප්‍රධාන ස්ථාන 18ක දිස්ත්‍රික් විරෝධතා පවත්වන බව නිවේදනය කර ඇත.
අද උදේ 9 සිට ගාල්ල බස් නැවතුම්පල ඉදිරිපිට, හමබන්තොට දෙබරවැව ඔරලෝසු කණුව / වලස්මුල්ල රෝහල ඉදිරිපිට, මොනරාගල නගරය, මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනය ඉදිරිපිට, බදුල්ල නගරය, පොලොන්නරුව කරුදුරුවෙල දුම්රිය ස්ථානය සහ දෙහිඅත්තකණ්ඩිය නගරය, මහනුවර ලංකා බැංකුව ඉදිරිපිට, පුත්තලම හලාවත නගරය, නුවරඑළිය තැපැල් කාර්යාලය ඉදිරිපිට, කෑගල්ලේ මාවනැල්ල රුවන්වැල්ල සහ වරාකාපොල නගර, අම්පාර රීගල් හන්දිය දිරිපිට, රත්නපුර මොරගහයට හන්දියෙන් ආරම්භ වී ඔරලෝසු කණුව අසල, අනුරාධපුර බැංකු වටරවුම, කුරුණෑගල ඔරලෝසු කණුව අසල, යාපනය ලංකා බැංකුව අසල, වව්නියාව පරණ බස් නැවතුම අසල, මඩකලපුව ගාන්ධි පාර්ක් අසල, ත්‍රීකුණාමලය කච්චේරිය ඉදිරිපිට මෙම උද්ඝෝෂණ ව්‍යාපාර ප්‍රධාන ලෙසම ආරම්භ කරනු ඇත.