ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම සඳහා සිම්බාබ්වේ හි බුලවායෝ ක්වීන්ස් ක්රීඩා සමාජ ක්රීඩාංනයේ දී පැවැත්වෙන සුපරි කණ්ඩායම් 06 හි වැදගත්ම තරගය වන සිම්බාබ්වේ සහ ශ්රී ලංකා කණ්ඩායම් අතර මේ වනවිට පැවැත්වෙන තරගයේ දී සිම්බාබ්වේ පිල පන්දු ඕවර 32.2 තුළ සියල්ලන්ම ලකුණු 165කට දවා ගැනීම ශ්රි ලංකා කණ්ඩායම අද සමත් වූයේය.
![](http://lankasara.com/wp-content/uploads/2023/07/363223.jpg)
කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දු යැවීම තේරුවේය.
සිම්බාබ්වේ කණ්ඩායමට තියුණු තර්ජනයක් එල්ල කිරීමට ශ්රී ලංකා පන්දු යවන්නෝ මුල සිටම කටයුතු කළහ. පන්දු 57ක දි ලකුණු 56ක් රැස් කළ ශේන් විලියම්ස් සහ පන්දු 51ක දි ලකුණු 31 රැස් කළ සිකන්දර් රාසා හැරුණු විට අනෙක් කිසිම ක්රීඩකයෙක් ලකුණු අතරට නොපැමිණියහ.
කණ්ඩායමේ තුන්වන වැඩිම ලකුණු ගණන වූ ලකුණු 16ට වඩා ශ්රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායම වෙත ලබා දුන් අමතර ලකුණු ගණන වැඩි විය. අමතර ලකුණු ගණන 19කි.
සිම්බාබ්වේ කණ්ඩායමේ මුල් පෙළ විනාශ කරනු ලැබුවේ දිල්ශාන් මධුසංඛ විසිනි. දිල්ශාන් පන්දු ඕවර 05ක් පමණක් යවා ලකුණු 15කට කඩුළු 03ක් ලැබුවේය.
විශිෂ්ට පන්දු යැවීමක නිතර වූ මහීෂ් තීක්ෂණ පන්දු ඕවර 8.2ක දි ලකුණු 25කට කඩුළු 04ක් දවා ගත්තේය. මතීෂ පතිරණ පන්දු ඕවර 03ක් යවා ලකුණු 18කට කඩුළු 02ක් ලැබුවේය.
විහේෂත්වය වන්නේ මෙම තරගයේ දී ද වනිඳු හසරංග කඩුළු නොලැබීමය. සුපරි හය දෙනාගේ වටයේ දී වනිඳුගේ ඉලක්කය ගිලිහී ගොස් තිබෙනු දුටු අතර ඔහු ප්රහාරයකට ද ලක් වූයේය.
ශ්රී ලංකාව ලකුණු 166ක ජයග්රාහී ඉලක්කයක් සොයා පිතිකරණයේ යෙදීමට සූදානමිනි.